JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Aparadhakaraya
වර්නන් පෙරේරා
1908 දෙසැම්බර් 06 දින චිකාගෝහි, ඉලිනොයිස් ප්‍රදේශයේ ලෙස්ටර් ජෝශප් ගිලීස් නමින් උපත ලබා පසුව ජෝර්ජ් නෙල්සන් බේබි ෆේස්, ලෙසින් මුළු ඇමෙරිකාවම අමු රුධිරයෙන් තෙත් කළ ඔහු සසලිටෝහි තුන්වන පන්තියේ බීමහලක බීම සපයන්නෙකු ලෙස සුළු රැකියාවක් කළේය. එහිදී හඳුනාගත් තුන්වන පන්තියේ අපරාධකරුවෙකු වූ ජෝන් පෝල් චේස් නමැත්තාගේ ඇසුර නිසා ඔහු පාතාල ලෝකයට සම්බන්ධ විය.
මුල් අවධියේදී නගරයේ කුඩා කඩ සාප්පුවලින් සොරකම් කළ ජෝර්ජ් නෙල්සන් ක්‍රමයෙන් අපරාධ කල්ලියක සාමාජිකයෙකු විය. හදිසි බහින්බස් වීමකින් පසු බීමහලේ හිමිකරුට පිස්තෝල මිටකින් දරුණු ලෙස පහරදීමේ වරදට ඔහු අත්අඩංගුවට පත්ව 1921 ජූලි 04 වෙනිදා පළමු වතාවට ඉන්දියානා, ක්‍රවුන් පොයින්ට් සිර කඳවුරේ හිරගතව එක් වසරක් දඬුවම් ලැබීය. ඉන්පසු සිපිරි ගෙයින් නිදහස්ව පැමිණි ඔහු ජෝන් පෝල් චේස් සමග හවුල් වී 1930 අප්‍රියල් 21 වෙනිදා, ඉලිනොයිස් සුම්මිට්හි ඔහුගේ පළමුවැනි බැංකු මංකොල්ලය සිදු කළේය. පාතාල ලෝකයේ අග රජු වීම ඔහුගේ එකම සිහිනය විය.
නමුදු F.B.I අපරාධ මර්දන කාර්ය බලකායේ නීතිමය හස්තයෙන් ගැලවීමට බේබි ෆේස් නෙල්සන් නමැති බිහිසුණු අපරාධකරුවාට නොහැකි විය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න