JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
මතුගම මහින්ද විජේතිලක
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන්ගේ ජීවිතය මට පෙනුණේ ස්වභාවධර්මයත් සමඟ එකමුතුව වැඩි ඵලදැරූ පලතුරු ගසක් මෙන්ය. ගුරු දෙගුරුන් විසින් සරසවිවලට යැවීමෙන් ගතානුගතික වූ කෘත්‍රිම නිර්මාණයක් වශයෙන් ගොඩනැඟුන ජීවිතයක් නොවූ උන් වහන්සේගේ ජීවිතය සරල එකක් විය. වෙහෙස දරා තමන් තෝරාගත් මගක යමින් සුනවුඹුල් දැනුමත්, විචාරයත් සෙසු ජනයාට වැඩක් සිදුවන ලෙසින් ක්‍රියාවට නැංවිය හැකි ආකාරය එම ජීවිතයෙන් සමාජය ඉදිරියේ ප්‍රදර්ශිත විය. විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු වූයෙත්, මහාගත් කතුවරයෙකු වූයේත්, පිළිගත් ආගමික උපදේශකයකු වූයේත්, විදර්ශනා භාවනාවේ උපදේශකයකු වූයේත්, විශාරද අභිධර්මාචාර්ය වරයකු වූයේත් මේ මගින්මය.
"මා තේරුම් නොගත් දෙයක් මා ලියා නැතැ යි" තමන් වහන්සේම කර ඇති ප්‍රකාශයෙහි ගැඹුරු අරුතක් ඇත. මුන්වහන්සේ ලියූ දෙයක් කියවන විට මෙම ප්‍රකාශයේ ඇති සත්‍යතාව වැටහෙයි. ගැඹුරු දෙයක් වුවද තමන්ගේ සිතට හොඳින් වටහා ගතහොත් තමන් කරන ප්‍රකාශයක් වශයෙන් උන් වහන්සේ එය ලියන හෝ කියවන විට කියවන්නාට හොඳින් වැටහේ. රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියූ දේවල් කියවන විට උන් වහන්සේ එය ලියා ඇත්තේ තේරුම් ගෙන ද නැද්ද යන්න අපට වැටහේ.
වටිනා දේ ඇති තැන් සොයමින් අගය කිරීම මතුගම මහින්ද විජේතිලක මහත්මයාගේ ලේඛන කලාවේ විශේෂත්වයකි. පුරා සිය වසක් දහමට සිත කය යෙදූ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ජීවිතයෙහි විශේෂ තැන් මතුකර සමාජය ඉදිරියේ තැබීම මහින්ද විජේතිලක මහත්මයාගේ ක්‍රියාවලියට තවත් වැදගත් එකතුවකි.
බෙල්ලන ඤාණවිමල නාහිමි
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න