Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බලංගොඩ හාමුදුරුවෝ

මතුගම මහින්ද විජේතිලක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

'ශත දහයේ විශ්ව විද්‍යාලය' නමින් විරුද ලැබූ සිළුමිණ පුවත්පතට සැපයූ බලන්ගොඩ නාහිමිපාණන් විසින් කථිත 'අපට නොපෙනෙන ලෝකය' ලිපි පෙළින් පාඨකයා අතර ජනප්‍රියත්වයට පත් මතුගම මහින්ද විජේතිලකයෝ එම ලිපි සරණියම ග්‍රන්ථයක් ලෙසින් එළි දක්වමින් ග්‍රන්ථ කතුවරයකු ලෙස ද අභිසෙස් ලැබූහ.

ලේඛනය කලාවකි. එය මනාව ප්‍රගුණ කළ ලේඛකයා ද කලාකරුවෙකි. විජේතිලකයන් මා හඳුනන්නේ මෙකී සුවිශේෂී ගුණාංගයන් පිරිපුන්, සුසංවේදී හදකින් හා විචාරශීලී කලාත්මක ලේඛන කුසලතාවකින් පිරිපුන් ප්‍රතිභාපූර්ණ ලේඛකයකු ලෙස ය.

'ආපසු හැරෙන්', ඉණිමං පාමුල සිට, අපට නොපෙනෙන ලෝකය 1 කොටස හා 2 කොටස යන කෘති ග්‍රන්ථ කතුවරයකු ලෙස ඔහුට ම ආවේණික වූ සුවිශේෂී සරල ශෛලිය හා තදන්මීය ලේඛන රීතිය මනාව පිළිබිඹු කරයි.

නිදහස් මාධ්‍යවේදියකු ලෙස ඔහුගේ මාධ්‍ය රීතිය බොහෝ විට අධිකරණ වාර්තා හා දේශපාලනඥයින්ගේ සම්ප්‍රපලාප හා ප්‍රශස්තිවලට පමණක් සීමා නොවී යුගයේ කෲරත්වය හා සමාජ යථාර්ථය පාඨක ලෝකයාට විවරණය කරන අඳින එකක් ම විය.

අතිපූජ්‍ය බලන්ගොඩ නාහිමිපාණන් ගේ දිවි මං පෙතේ සැඟවුණු මිණිකැට දෝතක් පාඨක ලොවට තිළිණ කරන්නට රචිත 'බලන්ගොඩ හාමුදුරුවෝ' ඔහුගේ නවතම කෘතිය යි.

සසුන'ඹරේ පෑයූ ගුරු තරුවක ප්‍රභාවය කෘතිය පුරා විහිදී යයි. පාඨක සිත්හි සැදැහැ වඩමින් අවිදු අඳුර දුරු කරන්නට කතුවරයා මෙ ගතින් ගෙන ඇති ප්‍රයත්නය ප්‍රශස්තය.

ශාස්ත්‍රපති, කඹුරාවල සිරි රේවත හිමි
ශ්‍රී ධර්මපාල පිරිවෙණ, බෙල්ලන.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න