Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බුදු දහමයි මාර සංකල්පයයි

මහරැඹෑවැවේ පාලිත හිමි

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

"බුදු දහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි සංකල්ප පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ සැකමුසු ස්වභාවයකි. කුතුහලයකි.

මහරැඹෑවැවේ පාලිත හිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ගෞරව උපාධි ධාරියෙකි. තවද, උන්වහන්සේ එම අධ්‍යයනාංශයේ ම කථිකාචාර්ය ධුරයක් ද දැරූ අතර දැනට අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ආචාර්ය වරයෙකු ලෙස සේවය කරති.

පාලිත හිමියන්ගේ නවතම කෘතිය වන මෙහි 'මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? භික්ෂූන් නොමඟ යැවීමට උත්සාහගත් මාරයා, මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා, මාරයාගේ ඇස් අන්ධ කළ ගෝධික තෙරණුවෝ, උප්පලවණ්ණා භික්ෂුණියගේ යොවුන් බව වර්ණනා කළ මාරයා, බුදුරජුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා, බුදුරදුන් වශඟ කරන්නට උත්සාහ ගත් මාර දූවරු සහ මාරයාගේ සැඩ පහර' වැනි මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න