Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Cappuccino කැපචිනෝ

Cappuccino

තරුෂි රණසිංහ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 7
  1. Lakshan
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කියවපු හොදම කවි පොත
    Sadeesha ·
  2. Singhabahu
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    වචන කිහිපයක් පහලට ලියපු කවි අතරේ මම දැක්ක ලස්සන කවි තියන පොතක්.
    කවි කියවන හැමෝටම මම යොජනා කරනවා කැපචිනෝ කියවලා බලන්න කියලා
    Shanthi ·
  3. කැපචිනෝ
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කවි ලියන්න කවිසිත් පහල වෙන්නෙ නෑ හැමොටම, එ වගේමයි අරුතක් සහිතව පද ගලපන්න බෑ හැම කවි සිතකටම, කියවන කෙනාට එ කවි අස්සෙ ජීවත් වෙන්න, එ කියන්නෙ කවිය අස්සෙ තමන්ගෙ ජීවිතෙ සොයන්න,,, තමන්ගෙ සිදු උන දේවල් කවි අස්සෙන් දකින්න තරමට එ පද වැල් අමුණනවා කියන දේ හැම කවි සිතකටම බෑ ගලපන්න.,.
    ඇත්තටම කැපචිනෝ නම් ආශ්චර්යයක්, හිත හීන හොයනකොට හීන මවන කොට එ හීන අස්සෙ තමන්ව හොයනවනෙ,, ඒ හීන වලට සීම නොවී කැපචිනෝ එක්ක ජීවිතෙ හෙව්වොත් සමහරෙකුට එ ජීවිතෙ හමුවෙන්න පුලුවන්, හරිම රසයි, හරියට නිකන් වැසි වෙලාවකට සීතලෙ ඉද්දි අම්ම ගෙනල්ල දෙන ඉඟුරු දාපු තේ කෝප්පයක් වාගෙ..

    අනෙ ඒක කෝපි පාට හැන්දෑවක සිද්ද වෙච්ච ආශ්චර්යක්ම තමයි.....
    මාරම ලස්සනයී....


    හදවතට ඇණුන පසු
    විරහවක විස,
    ආදරෙන් ලංවෙලා
    කඳුලු කැට පිස,
    හුරලා ඇද දමා
    හදවතේ විස,

    වෙන කුමක් ගැලපේද?

    සුව පිණිස විස නසන
    ප්‍රේමයක් මිස,


    හොදටම දැනුනු එකක්.....

    ඔයා මාරම දක්ෂයි නංගි එකෙන්ම මරු. නවතින්න නම් එපා කෙල්ල. පුලුවන් තරම් ලියහන්. මැරුණු හදවතකට සැනසීමක් දෙන්න පුලුවන් මේ රහට....
    ජය වේවා කෙල්ල.... අනිවා ගේමක් ගහපම් දවසක උඹ ලංකාවෙ දක්ෂයින් අතර අති දක්ෂ කවිසිතක් කවි කාරියක් වෙලා ඉන්නව දකින්න ආසයි කෙල්ලෙ.. මෙ කැපචිනොගෙන් ඒ හැකියාව පේනව,,,
    තරිඳු පමෝදික ·
  4. Cappuccino
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Cappuccino පිළිබඳ ව දීර්ඝ ව මා මුහුණුපොතෙහි ලීවෙමි. නව මාධ්‍ය තුළ ප්‍රචලිත කාව්‍යකරණයේ සුපැහැදිලි මුහුණුවරක් ගන්නා කෘතියකි. විවිධාකාර නිර්මාණයන්ට හේතුකාරක වූ කෘතියක් බැවින් සාර්ථක බව කිය යුතු ය.
    Jith ·
  5. මේක ගන්නම ඕනි කවි පොතක්..
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මව් සෙනෙහස,පිය සෙනෙහස, ආදරය, විරහව එකී මෙකී නොකී දේවල් ගොඩක් වෙනස්ම විදියට දැක්ක "අපූරු" කවි ටිකක් පිරුන පොතක් මේක..කියවලා ඉවර වෙද්දි අයියෝ ඉවරද කියලා හිතෙන කවි පනස් ගානක්..
    Sithu ·
  6. මේක කියවන්නම වටින කවි පොතක්..
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මව් සෙනෙහස, පිය සෙනෙහස, ආදරය, විරහව එකී මෙකී නොකී ඕනිම මාතෘකාවක් වෙනස් විදියට දැකලා " අපූරුවට" ගලපපු කවි තියෙන පොතක් මේක.
    අර්ථ රසය, ශබ්ද රසය සේරම එක්ක ආසාවෙන් කවි කියවන්න ඕනි කෙනෙක් ගන්නම ඕනි. කියවලා ඉවර වුනාම අයියෝ ඉවරද කියලා හිතෙන විදියෙ කවි පනස් ගානක්.. මේක ගන්නම වටින පොතක්..
    Sithuu ·
  7. කාව්‍ය
    මෙය අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කැපචිනෝ ~ Cappuccino
    "කිරි සමඟ උණුසුම් වූ කෝපි බිඳුවක රස විඳිමින්
    නුඹත් සමඟම ඇරඹෙන කතාබස්
    ඉතා හෙමින් ගෙවෙනා හෝරාවන්
    මිහිරැති සියුම් තනුවක රසයත් සමඟ මුසුවී
    හදවතම පුරවාලයි..

    කෝපි පැහැ හවස් වරුවක
    මම තනුව වෙයි
    නුඹ මගේ කවිය වෙයි

    මේ සියල්ලෙහි ඇරඹුම එතැන් සිටයි ..."

    කැපචිනෝ තරුෂි රණසිංහ නම් යොවුන් කිවිඳිය ගේ ප්‍රථම කෘතිය වේ.ඇය මේ ලෙසින් තම සිහිනය පාඨකයා හමුවේ ඉදිරිපත් කර ඇත.

    සිංහල සාහිත්‍යය තුළ කවිය යනු ඉතාමත් අපූරු රසවින්දනයක් වේ. කවියා තමන් එදිනෙදා නෙත ගැටෙන ඕනෑම ප්‍රස්තුතයක් තමන්ටම අනන්‍ය වූ ආකාරයකට සමාජය ඔස්සේ බෙදා හදා ගනී.

    කැපචිනෝ කෘතියේ ඇති කාව්‍යයන් රසවිඳිමේදි ඇතැම් විටක ඔබට එය ඔබගේම අත්දැකීමක් ලෙස දැනිය හැක. තවත් විටක ඔබට අපූරු මතකයන් අවදි කරනු ඇත.

    කැපචිනෝ පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නේ නම් එය වචන වලින් මවන්නා වූ අපූර්ව සිතුවමක් ලෙස හැඳින්විය හැක..එමෙන්ම මෙහි කවරය ද ඉතා ආකර්ෂණීය ලෙස සකසා ඇත.

    සාහිත්‍ය ලොව දිගු ගමනකට තරුෂිට සුබපැතුම් එක් කරමින් කැපචිනෝ කෝප්පයක් සමඟම කෘතිය රසවිඳීමට ඔබට ඇරයුම් කරමි.

    ශානරය - කාව්‍ය
    මුද්‍රණය - 2025
    ප්‍රකාශනය - අහස් ප්‍රකාශන
    මිල - රු. 700.00

    සටහන
    රංග යුදාර
    Ranga Yudara ·

මෙම කෘතිය ගැන ලියන්න