JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
එස්. චන්ද්‍රසිරි දසනායක · H Rider Haggard
අරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳുകරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබූ පැපිරස් ලේඛනයකින් එළිදැරවි කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.
අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජිප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකිස් කුමරු, පාරාවෝ මෙන් කවුරා ගේ පිරමිඩයේ පිහිටි නිධන් ගර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.
මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජිප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.
මෙය, කල්පිතය හා සත්‍යය අතර දෝලනය වෙමින්, අද්භූත ලෝකය මෙන්ම පියවි ලෝකය ද එළිදැරවි කරන්නා වූ, අපූරු ආකෘතියක් මත ගොඩ නැගුණු, විචිත්‍රාද්භූත රීතියේ ප්‍රබන්ධයකි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න