Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ජසින්ඩා

සමන් පුෂ්පා ගුණසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

ජසින්ඩා ආර්ඩන් ලෝකයේ රාජ්‍ය නායක නායිකාවන් මෙන්ම ලෝක ප්‍රජාව අතරේ සහ ලෝක නායකයින්ගේ කතාබහට ලක් වූ චරිතයකි. ඇය නවසීලන්තයේ 40 වැනි අගමැති ධුරය හෙබවූවාය. ලෝකය පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය නවසීලන්තයේ පැතිරී ගිය අවස්ථාවේදී එය රට තුළ පැතිරී යෑමට නොදී පාලනය කර ගැනීමට ඇය දක්ෂ වූවාය. ඇය ඒ සඳහා යොදා ගනු ලැබූ ක්‍රම වේදය සෑම රටකටම ආදර්ශයක් වූවාක් මෙන්ම වසංගතය නිසා ඇති වූ අභියෝග වලට ඇය මුහුණ දුන් ආකාරය කාගෙත් පුදුමයට ලක් විය.

මෙම ග්‍රන්ථයෙන් හුවා දක්වා ඇත්තේ ජසින්ඩා, යහපත් ලෙස රට පාලනය කරමින්, රටේ ජනතාවගේ ආදරය දිනාගත් ආකාරය සහ නවසීලන්තය යහපත් රටක් කරන්නට ඇය විසින් ගනු ලැබූ උත්සාහය පිළිබඳ කතාවයි. ඈ සිය ආත්ම ශක්තිය තුළින් රටට කළ දේ බොහෝය. එය මෙම ග්‍රන්ථයේ දැක්වෙන සිද්ධීන් වලින් පෙනී යයි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න