JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
මනෝ ප්‍රනාන්දු · මේරි ඊ. ස්ටුවට්
1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දහහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.
මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැනියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින්, මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහීම්, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්‍රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සාමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑ ම පාඨකයෙකු මහත් ප්‍රබෝධයට පත්වනු නො අනුමාන ය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න