JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ප්‍රියනාත් විදානපතිරණ
සැලසුම් වලින් පිට පැනීමට සිදුවීම ඔහුට හුරුපුරුදු නැත. සෑම දෙයක්ම කල්තබා සැලසුම් කිරීමත්, ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියළු කටයුතු ගැන සොයාබැලීමත් ඔහුගේ සාමාන්‍ය පුරුද්දය. නමුත් මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. සති කිහිපයක් තිස්සේ ඔහුට මුහුණදීමට සිදුවූ කිසිවක් සාමාන්‍ය නැත. නමුත් මේ දක්වා ඔහු ඒ සියල්ලටම හොඳින් මුහුණ දුන්නේය. සාමාන්‍යයෙන් අවසාන මොහොතේ සියල්ල වැරදී යන්නේය. සිනමාපටවල, ත්‍රාසජනක නවකතාවල සිදුවන්නේ එලෙසය.
ඔහු තාර නොයෙදූ බොරළු පාරට වාහනය හැරවීය. වඩා උනන්දුවෙන් නොබලන්නෙකුට එම කුඩා අතුරු මාර්ගය එකවර දැකිය නොහැකි වුවත්, සුළු හෝ එහාමෙහා වීමකින් තොරව ඔහු වාහනය හැරවූයේ එය ඔහුට බොහෝ හුරු පුරුදු මාර්ගයක් වූ නිසාවෙනි. වාහනයේ පිටුපස අසුන් එකක්වත් නොතිබිණි. ඒවා ගලවා බොහෝ කාලයක් ගතවී ඇති බව ඇණ වල බැඳී තිබුණු මලකඩ සාක්ෂි දැරීය. ඉරිගිය කාපට් එක මත තරුණයෙකි. සිහිසුන්ව සිටි ඔහුගේ අත් පා ගැටගසා තිබුණු අතර හිස පැලියාම නිසා ගලාගිය රුධිරය කාපට් එක තෙත් කර තිබුණි.
සියල්ල අවසන් වන්නට ඇත්තේ තව පැය කිහිපයකි. ඉන්පසු ඔහුට සැනසිල්ලේ නිදාගත හැකි වනු ඇත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න