Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මධුමල

Madhumala

රුවනි ලියන්ගොල්ල

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

“මම ඔයාට ආදරෙයි. ඔයාව කසාද බඳින්න ඕනේ. ඒත් මං මේක කවදාවත් ඔයාට කියන්න හිටියේ නෑ. අනේ අයියෝ දැන් කියවුනා. ගඟුල්ලා විතරයි මේක දන්නෙ. දැන් ඔයත් දැනගත්තා අයියෝ”

එවර අහස්තාරා දෝතින්ම මුහුණ වසා ගෙන හඬන්නට වූවාය.

“බබී නතර කරනවා ඔය නාඩගම. ගඟුල්ලා ගැන මං පස්සේ බලාගන්නම්. ඔය වගේ විකාර අදහසක් කොහොමද ඔය ඔලුවට ආවේ? “

අහස්තාරා කඳුලැලි පිස දමා ගෙන ඔහු දෙස බැලුවේ විමතියෙනි.

“විකාර අදහසක්! මේක කොහොමද විකාර අදහසක් වෙන්නේ? ඔයා මගේ අයියා නෙවෙයි. අපි සහෝදරයො නෙවෙයි”

“දරුවෙක් වගේ හදපු ඔයා දිහා මට ඒ විදිහට බලන්න බෑ බබී. දැන්මම ඔය විකාර අදහස අතහැර ගන්න ඕනේ”

“ඇයි මං එහෙම අතහරින්නේ?”

ධනුදු වහා ඉවතට හැරී සිය උවනේ මතුවන හැඟීම් ඇයට නොපෙනෙන ලෙස සඟවා ගන්නට විය. තමාගේ ඇතුල් හද ගැබ තුළ මහා පරිමාණයේ දෙදිරීමක් සටහන් වන බව අහස්තාරා දැනගත යුතු නොවේ.

“ඇයි ඔයා නිහඬව ඉන්නේ ධනු අයියේ උත්තර දෙන්න. ඇයි මං එහෙම කරන්න ඕනේ. ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයි. මං ඔයාට ආදරේ කරනවා කියලා මං තේරුම් ගත්තේ එදා ඔයා එක්ක තරහ වෙලා අර වීල් එකේ යද්දී. ඔයා නොලැබෙන මේ ජීවිතේ වෙන කිසිම දෙයක් මට වැඩක් නෑ කියලා මට හිතුනා. මං මේක හිතේ තියාගෙනම ඉන්නම් කියලා හිතුවේ. ඒත් මං කොහොමද ඉන්නේ.
ඔයා අර ඉමාෂා එක්ක ඉන්න කොටත් මට ඉවසගන්න බැරි වුණා. මං ගඟුල්ට එන්න කීවේ මට ඉන්නම බැරි තැන. මං එයාලටත් කීවා මං ඔයාට ආදරෙයි කියලා.”

ධනුදු යුවතිය දෙස බැලුවේ තියුණු දෑසිනි.

“දැන් ගඟුල්ලත් දන්නවද තොරණේ විස්තරේ?”

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න