JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Nikolay Nosov · ගයනි ගුරුගේ
ගයනි ගුරුගේ විසින් පරිවර්තනය කරන ලද රුසියානු මහා ගත්කරු නිකොලායි නොසොව්ගේ මල් නගරයේ පොඩ්ඩෝ කෘතිය කුඩා දරුවන්ගේ භාෂා ආලය ද, පරිකල්පනය ද එකසේ වඩවන පොතක් බව කිව හැක.
පරිවර්තනයේ දී ගයනි යොදාගෙන ඇති භාෂාමය රටාව ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි එකකි. එපමණක් නොවේ අලුත් නාමයන් ගෙතීම කෙරෙහි ඈ සතු නිර්මාණශීලී හැකියාව මේ පොතින් විදැද වේ.
මෙම පොත කුඩා දරුවන්ට පමණක් නොවේ දෙමාපියන්ට ද එකසේ කියවා රසවිඳිය හැකි පොතකි. රටක සංස්කෘතිය තීරණය කරන ප්‍රධානතම අංගයකි භාෂාව. නිවැරදි භාෂාවක් ව්‍යවහාර කරන්නෝ නිවැරදි චින්තනයක් දරන්නෝය. නූතන වෙළෙඳ පරිභෝජන ආර්ථික ක්‍රමයක් තුළ සිංහල භාෂාව ඉතා වේගයෙන් විද්‍යුත් නාලිකා සහ වෙනකුත් මුද්‍රිත මාධ්‍ය විසින් නාග මුඛයට ඇද දමමින් යනු දැකීම භාෂාවට ආදරය කරන්නන්ගේ ශෝකයට හේතු වේ. භාෂාව නැගිය යුත්තේ ළමා පරපුරෙනි. ඔවුන්ට යහපත් භාෂාවක් ලබා දීමෙන් පමණි නැසීගෙන යන සිංහල බස ගොඩගත හැක්කේ. ගයනි ගුරුගේ විසින් පරිවර්තනය කරන ලද මෙම මල් නගරයේ පොඩ්ඩෝ කෘතිය කුඩා දරුවන්ගේ භාෂා ආශාව වඩන්නක් වේ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න