JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගලිගමුවේ ඤාණදීප හිමි
උපන්නා වූ සෑම සත්වයෙක්ම මරණයට බියය. මරණය ඉදිරියේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, රන්, රිදී, මුතු මැණික් ආදි සියලු සම්පත් අතහැර යා යුතු වේ. මරණය ඉදිරියේ දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා අතහැර යා යුතු වේ. මරණ මොහොතක දැනෙන කායික වේදනාව, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, කළ අකුසල් නිරන්තරයෙන් සිහි වන විට ඇති වන බිය ඔබ වෙනුවෙන් කිසිවෙකුට භාරගත නොහැක. ඥාති හිතමිත්‍රාදීන්ට කළ හැක්කේ ඔබ මරණය කරා යන අයුරු දැක ශෝකයෙන් හඬා වැලපීම පමණය.
මරණය ඉදිරියේ සෑම සත්වයෙකුම අසරණ වන්නේ ජීවිතය ගැන ධර්මානුකූල අවබෝධයක් නැති වීම නිසාය. මෙම ග්‍රන්ථය තුළින් මරණය ඉදිරියේ අසරණ නොවෙන මගත්, මරණාසන්න තම ඥාතියෙකු ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කළ යුතු ආකාරයත්, මරණ මොහොතක සිහි කළ යුතු ධර්මය පිළිබඳවත් ඉතා විස්තරාත්මක ලෙස බුද්ධ දේශනා ඇසුරෙන් පහදා දී ඇත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න