JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
පියසිරි මාතරගේ
යොවුන් දූ දරුවන් සඳහා ලියැවෙන යොවුන් නවකතාවේ පරමාර්ථ පිළිබඳව මත කිහිපයක් පවතී. වින්දනයක් ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ අනාගතයට යම් ආලෝකයක් ලබාදීම එහි ප්‍රධාන අරමුණක් විය යුතුය යන්න ඒ අතරින් ප්‍රකට මතයකි.
ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවකු වන පියසිරි මාතරගේ විසින් රචිත නවතම කෘතිය වන 'මිහිකතගේ දූ දරුවෝ' යොවුන් නවකතාව මඟින් ඉහත කී අරමුණ ඉටු කර ගැනීමට දරා ඇති ප්‍රයත්නය ප්‍රශංසනීයය.
වර්තමාන යොවුන් පරපුරේ ඛේදජනක තත්ත්වය හොඳින් අවලෝකනය කරන විට, මේ කෘතියෙන් ලබාදෙන පණිවිඩය කෙතරම් අගනේදැයි වැටහේ. මෙකල පරමාදර්ශී පුද්ගලයන් විරල වුව ද, සමාජය වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි දිශානතියක් පිළිබඳ ඉඟියක් මෙම කෘතිය අපට ලබාදෙයි.
'මිහිකතගේ දූ දරුවෝ' කතාව අලසකමින් තොරව කියවා රස විඳිය හැකි නිර්මාණයකි. කතාවට පසුබිම් වන පරිසරය හා චරිත ආදියට යෝග්‍ය බස් වහරක් භාවිතා කිරීමත්, උචිත අවස්ථා හා සිද්ධි සංකලනයත් කෘතියේ උසස් භාවයට හේතුවී තිබේ. කතුවරයාගේ 'හිඹුටුදෙණිය කඳු පා මුලින්' කෘතිය 2017 වසරේ ප්‍රශස්තම යොවුන් නවකතාව ලෙස සම්මාන තුනක් ලබා ඇත. ඔහුට තව තවත් උසස් කෘතීන් බිහිකිරීමට හැකිවේවා යි පතමි.
පද්මසිරි චන්ද්‍රසේකර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික)
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න