Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඇස් මහින්ද නන්දන ගීත

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සිංහලයේ අසහාය කවියකුව සිටි ඇස්. මහින්ද මාහිමියන් විසින් ළමයින් උදෙසා, පාසල්වල භාවිතය පිණිස ලියන ලද කාව්‍ය සංග්‍රහ විශාල සංඛ්‍යාවක් වෙයි. ඒ කාව්‍ය සංග්‍රහ අතර, දැනට අභාවිතව ඇති "නන්දන ගීත" නැමැති ළමා කවි ගී සංග්‍රහය මෙපරිදි සංස්කරණය කොට ඉදිරිපත් කෙරෙන්නේ, වර්තමාන සිසු පරපුරට පූර්වයෙන් සිටි පරම්පරා කිහිපයක් විසින් පාසල් පොතක් හැටියට මහත් ආදරයෙන් පරිශීලනය කරන ලද එකී කාව්‍ය සංග්‍රහය මෙසමයටද අදාළ බැවිනි.

මෙම මහාර්ඝ සාහිත්‍ය ධනය වර්තමාන සිසු පරපුරට දායාද කරදීම ගුරු දෙමාපියන්ගේ විශේෂ වගකීමක් බැව් අවධාරණය කරනු කැමැත්තෙමු.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න