JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ජේ. ඒ. ඩී. පෙරේරා
ප්‍රවීන නාට්‍ය රචකයෙකු මෙන් ම නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකු ලෙස කුසලතා ප්‍රකට කරමින් සම්මාන රැසක් දිනා ඇති ජේ.ඒ.ඩී පෙරේරා මහතා වසර 50 ක දිගු කාලයක් තිස්සේ නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන අතර වසර 35 ක් ගුරු වෘත්තියේ නියැලෙමින් නාට්‍ය හා රංග කලාව විෂයය ප්‍රවර්ධනය උදෙසා කැප වීමෙන් කටයුතු කළ දක්ෂ ආචාර්ය වරයෙකි.
1990 සිට දශක ගණනාවක් අ.පො.ස. සා/පෙළ හා උසස් පෙළ පිළිතුරුපත් ඇගයීමේ නිරත වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ හා සප්ත කලාපීය මහවැලි සංස්කෘතික බලකායේ නාට්‍ය විෂයය සම්බන්ධ සම්පත්දායකයෙකු වශයෙන් සිය දැනුම හා අත්දැකීම් බෙදා දුන් කෙනෙකි. මොහු අ.පො.ස. සා/පෙළ නාට්‍ය හා රංග කලා විෂයයට අදාළ ග්‍රන්ථ රැසක් පල කර ඇති අතර එතෙර මෙතෙර වේදිකාවේ ඔහු රචනා කළ නාට්‍ය රැසක් ප්‍රදර්ශනය කර ඇත. එවන් නාට්‍ය කීපයකට යොවුන් සම්මාන ද රාජ්‍ය සම්මාන ද සමස්ත ලංකා පාසල් නාට්‍ය සම්මානද හිමි වී ඇති අතර 2007 වසරේ දී කලා භූෂණ සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
9 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශය හා 2018 නව විෂය නිර්දේශය අනුව රචනා කළ මෙම කෘතිය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් විෂය උගන්වන ගුරු භවතුන්ට ද, නාට්‍ය හා රංග කලාව විෂය හදාරන විද්‍යාර්ථීන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් උපකාරක ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දෙමි.
කුසුම් රාණි කරුණාරත්නබී.ඒ. (ගෞරව) (ශාස්ත්‍රපති (කැලණිය වි.වි)පශ්චාත් උපාධි ඩිප්ලෝමා (අධ්‍යාපන)පශ්චාත් උපාධි ඩිප්ලෝමා (උපදේශන කොළඹ වි.වි)ගුරු උපදේශිකා සිංහල - මහර අධ්‍යාපන කොට්ඨාශයකැලණිය අධ්‍යාපන කලාපය
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න