Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නවකතාවේ අඛ්යානික රටා

උදිත අලහකෝන් · මොහාන් ධර්මරත්න · රශ්මික මණ්ඩාවල

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම කොහෙත්ම පහසු කටයුත්තක් නොවේ. සල්මන් රුෂ්ඩි පවසන්නේ එය දරුවෙකු ප්‍රසූත කරන්නාක් තරම් අසීරු කටයුත්තක් බවය. එම වේදනාවන් ද්විත්වයම සමානදැයි ලේඛිකාවකගෙන් විමසන ලෙස රුෂ්ඩි වරක් පවසයි. 2022 වසරේදී අන්තර්ජාතික බුකර් සම්මානයෙන් පිදුම්ලත් ඉන්දියානු ලේඛිකා ගීතාංජලි ශ්‍රී පවසන්නේ නවකතාවක් ලිවීම හරියට ප්‍රසූත කිරීමට නියමිත කාලය පසුවී ඇතත් තවමත් ප්‍රසූත නොකළ දරුවෙකු දරා ඉන්නවා වැනි වේදනාවක් බවය. කාලයක් පුරා ප්‍රබන්ධ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අප විසින් ගුරුකොට ගත් විවිධ ලේඛකයන්ගේ අදහස් වරින්වර පරිවර්තනය කෙරුණේ අපගේ අධ්‍යයනය සඳහාම වුවත්, එය අනෙක් සියලුම දෙනා සඳහා ලබාදිය යුතුය යන අදහස වරින්වර අප සිත්හි ජනිත වූවකි. නවකතාවේ ආඛ්‍යානික රටා නම් මෙම කෘතිය බිහිවන්නේ එලෙසය.

ප්‍රබන්ධය යනු සැබවින්ම කුමක්ද? යථාර්ථය සහ ප්‍රබන්ධය අතර රේඛාව කුමක්ද? නවකතාවක ආඛ්‍යානය ගොඩනැගෙන්නේ කෙසේද? නවකතාව සැබවින්ම ලියන්නේ ලේඛකයාද? ප්‍රබන්ධ ලෝකය සහ යථාර්ථ ලෝකය වෙන්කරගන්නේ කෙසේද? එක් එක් ලේඛකයාට අදාළ ආඛ්‍යානික ශෛලිය, රටාව හැඩගැසී ඇත්තේ කෙසේද? ආදි වශයෙන් විවිධ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබාදෙන ලෝක මට්ටමේ ලේඛක ලේඛිකාවන් 17 දෙනෙකුගේ සම්මුඛ සාකච්ඡා මෙම කෘතියට ඇතුළත්ය.

සල්මන් රුෂ්ඩි | උම්බර්තෝ එකෝ | අමිතව් ඝෝෂ්
හරුකි මුරකමි | ඔල්ගා තොකර්චුක් | කෂුචෝ ඉෂුගුරෝ
ඔර්හාන් පමුක් | ඉසබෙල් අයියන්දේ | පාවුලෝ කොයියෝ
ගීතාංජලි ශ්‍රී | අනිතා දේසායි | අශෝක් ෆෙරී
මිකෝ කවකමි | මේරි රොකන්ඩ්‍රාවු | අනුක් අරුද්ප්‍රගාසම්
හමීඩ් ස්මායිලොව් | හර්තා මුලර්

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න