Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නූතන කාව්ය අධ්යයන ප්රවේශය

සමන්ත හේරත්

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

කාව්‍යය වූ කලී සාහිත්‍යය නමැති පෘථුල ක්ෂේත්‍රාවකාශයට අයත් ස්නිග්ධ සූක්ෂ්ම ප්‍රකාශන විධියකි. එය අන්‍යතර සාහිත්‍ය කලා ප්‍රකාර අතර සුවිශේෂ වූ නිර්මාණාත්මක පරිචිතයකි. එය සංකීර්ණ ය. ශ්‍රේෂ්ඨ කාව්‍ය නිර්මාණ මගින් පරිපූර්ණ ආස්වාදයක් ලැබීම සඳහා නිරන්තර කාව්‍ය සේවනයෙන් අභිවර්ධිත විපුල වින්දන ශක්තියක් හා අභීෂ්ට රසිකත්වයක් ද තිබිය යුතු ය.

'නූතන කාව්‍ය අධ්‍යයන ප්‍රවේශය' නම් වූ මෙම ග්‍රන්ථයෙහි අරමුණ වන්නේ කාව්‍ය කලා අධ්‍යයනයට ද්වාරපිධාන විවෘත කොට, තත් කලා විෂයක අධ්‍යෙතෘන්ට සන්මාර්ග උද්දේශනය කොට දැක්වීම ය. මෙහි කතුවරයා වන මහාචාර්ය සමන්ත හේරත් කවියෙකි. ගීත රචකයෙකි. කාව්‍ය කලා අධ්‍යයනය හා විචාරය කෙරෙහි ප්‍රලෝභී ශාස්ත්‍රඥයෙකි.

Poetry is considered as a very special and refine mode of expression in the vast sphere of literature. It is a unique creative genre among the varied other forms of literature. No wonder that it is full of complexities. To understand, grasp and appreciate a great poem, a connoisseur should have been sharpened his taste by constant association with such poetry in addition to his intuition.

In the present publication, 'An Approach to Study Modern Poetry' author's aim is to open avenues to study modern poetry and direct the reader to widen the scope of understanding and appreciation of the realms of poetry. The author, Professor Samantha Herath himself is a poet, lyricist, critic and a scholar who has developed an in-depth academic interest in the study of poetry.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න