Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පිනෙන් ලබන දෙව් විමන්

හලලියේ කරුණාතිලක-Halaliye karunathilaka

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සූත්‍ර පිටකයට අයත්, ඛුද්දක නිකායේ 'විමාන වත්ථු' හා 'පේත වත්ථු' සංග්‍රහ දෙක ජනප්‍රියත්වයෙන් දෙවැනි වන්නේ එහි එන 'ධම්මපද' හා 'ජාතක' යන සංග්‍රහ දෙකට පමණි.

'විමාන' යන්නෙහි තේරුම වාසස්ථානය, ක්‍රීඩා ස්ථානය වශයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළ හැක. එයින් දෙවියන්ට අයත් රූප, භවභෝග, පරිවාර යන සම්පත් මෙහිදී 'වත්ථු' යන්නෙන් අදහස් කරයි. ඒ අනුව 'විමාන වත්ථු' යන්නෙන් දෙවියන්ට ලැබුණු වාසස්ථාන හා සම්පත් යන්න අර්ථ දැක්වේ.

විමාන වත්ථුවේ ඇතුළත් කතාවස්තු අතර උත්තරා, සිරිමා, ගුත්තිල, දද්දල්ල, නේරින්සක, මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා ආදීහු පොදුජනයා අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූහ.

මෙහි ජනප්‍රියත්වය තව තවත් ඇති කරමින් මහජනයාට කුසල කර්ම පිළිබඳ සරල වූත්, ක්‍රමානුකූල වූත් දැනුමක් ලබා දෙමින් පාඨකයාට ධර්මාවබෝධය ලබා දීමට මහත් මෙහෙවරක යෙදෙන හලලියේ කරුණාතිලක සූරීන්ගේ මෙම කෘතිය බෙහෙවින් ම ප්‍රයෝජනවත් ය. එතුමාගේ පේත වස්තුව ඇසුරින් රචිත 'බුදුන් සරණ ගිය ප්‍රේතයෝ' කෘතිය අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත.

- ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරුඇළවැවේ පාලිත හිමි

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න