JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
මතුගම මහින්ද විජේතිලක
පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍යයන් යැයි හඳුන්වනු ලබන අධිභෞතික ජීවීන් මානව සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබඳ යම් ගවේෂණාත්මක මතයක් සමාජගත කිරීම මෙම ග්‍රන්ථයේ අරමුණ විය. මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත සිද්ධි අධ්‍යයනයන් මානව විද්‍යා අධ්‍යයනය දෘෂ්ටි කෝණය යටතේ (Anthropology) සිදුකරන ලද ගවේෂණයන් හි ප්‍රතිඵල වේ. මෙම ගවේෂණ ක්‍රමවේදය පුද්ගල අධිමානසික හැකියාවන් සහ පුද්ගල අමනුෂ්‍ය ආවේශයන් වැනි පුද්ගල මූලික තත්ත්වයන් විශ්ලේෂණය කිරීම තුළට සීමා වී සිදු කරන ලදි. එබැවින් භෞතික සීමාවන් තුළ විද්‍යාත්මක හේතූන් ගවේෂණය කරන නූතන සමාජය තුළ මෙවැනි මතවාදයන් විවාද සම්පන්න වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි. එහෙයින් තවදුරටත් මෙම මතය විෂයය මූලික තත්ත්වයන් තුළ විශ්ලේෂණය කිරීම උදෙසා අප විසින් "විශ්වප්‍රාණි අධිභෞතික පර්යේෂණ ඒකකය" (Vishwaprani Paranormal Research Unit) පිහිටුවා ඇමරිකානු අධිභෞතික පර්යේෂණ සංගමයේ (American Paranormal Research Association - APRA) සාමාජිකත්වයද ලබාගනිමින් නූතන අධිසංවේදී තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම තත්ත්වයන් සම්බන්ධව ගවේෂණය කිරීමේ කාර්යයෙහි දැනටමත් නියැලෙමින් සිටින්නෙමු.
නුදුරු අනාගතයේදී මෙම අමනුෂ්‍ය හැසිරීම් පුද්ගල සෞඛ්‍යයට සිදු කරන බලපෑම් සම්බන්ධව අප විසින් පුද්ගල මූලික තත්ත්වයන් සහ විෂය මූලික තත්ත්වයන් තුලනාත්මකව විශ්ලේෂණය කරමින් අනාවරණය කරගත් ගවේෂණ ප්‍රතිඵලයන් මෙවැනිම වූ ග්‍රන්ථයකින් නවමු ආකාරයෙන් එළිදැක්වීමට බලාපොරොත්තු වෙමු.
ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය,විශ්වප්‍රාණි පදනම,විශ්වප්‍රාණි අධිභෞතික පර්යේෂණ ඒකකය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න