JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
වර්තමානයේ සමහරු කෙටිකතාව සහ කවිය භාවිත කරන්නේ පුවත්පතක කාර්යය ඉටු කිරීම සඳහාය. කෙටිකතාවෙන් බලාපොරොත්තු වන්නේ ජීවිතයේ අත්දැකීම් හා සම්බන්ධ විශිෂ්ට අවබෝධය ලබා ගැනීමයි. එය වෙනත් සාහිත්‍යාංගයකින් ප්‍රකට කෙරෙන්නේ නම් සාහිත්‍යාංග අතර ඇති විවිධත්වය ද මැකී යයි. සාහිත්‍යයේ අවශ්‍යතාව සහ තම ලේඛනය හා සම්බන්ධ සාහිත්‍යාංගය ලේඛකයෙකුට ආරක්ෂා කර ගත හැක්කේ ජීවිතයේ යථාර්ථය සහ අත්දැකීම් ප්‍රකට කිරීම සඳහා භාවිත කරන තම සාහිත්‍යාංගයේ නිර්මාණාත්මක ශක්‍යතාවන් සහ සීමාවන් දැන සිටීමෙන් පමණි...
...සමහර අද්‍යතන කෙටිකතාකරුවන් විසින් දේශපාලනික-සාමාජික යථාර්ථය ඉදිරිපත් කරනු ලබන්නේ ද රහස්‍යාත්මක හා ලොමුදැහැගැන්වෙන ආකාරයේ පුදුමය දනවනසුලු ශිල්පීය ක්‍රමවලිනි. මෙවැනි කෙටිකතාවක අවසානය එහි ආරම්භයේදීම සිදු වෙයි. මක්නිසා ද යත්, ඒවා පාඨක මනස තුළ ඇති කරන්නේ හුදු කුතුහලය සහ උත්තේජනයක් පමණක් වන හෙයිනි...
වසර 2004දී මා යටතේ ජාතක කතා සහ හින්දී ජනකතා පිළිබඳ විශිෂ්ට ආචාර්ය උපාධි පර්යේෂණයක් ඉදිරිපත් කළ, දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යයනාංශයේ විනේත්‍රි ජ්‍යේෂ්ඨ මහාචාර්ය පදවිය හොබවන උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා විසින් හින්දී භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය, සහ තුලනාත්මක සාහිත්‍යය වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු සේවය ස්නේහයෙන් අගය කරමි.- ප්‍රවීණ හින්දී සාහිත්‍ය විචාරක, සම්මානිත මහාචාර්ය මැනේජර් පාණ්ඩේය්
කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යයනාංශයේ අංශප්‍රධාන, විනේතෘ ජ්‍යේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතාගේ 'ප්‍යාරියා පිස්සු වැටුණේය : හින්දි-බාග්ලා කෙටිකතා' නමැති පරිවර්තිත කතා සමුච්චය භාරතයේ විශිෂ්ට නිර්මාණකරුවන් අතින් හින්දී සහ බාග්ලා බසින් ලියැවුණු ඉන්දියානු ජන සමාජයෙහි මානසික ඉතිහාසය ප්‍රකට කරන ප්‍රශස්ත කෘතියක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.- සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න