JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
එච් එම් ජයන්ත විජේරත්න
මේ ඔහුගේ පස්වැනි දිගහැරුම ය. ජයන්ත විජේරත්න නමින් ඔහු පුවත්පත් සඳහා ලියන්නට පටන් ගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණෙන්නටත් පෙර සිට බව මගේ හැඟීම ය. විටක ඔහු බොහෝ දෙනෙකුට අභියෝගාත්මක පුවත් සපයන්නෙකු විය.
පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන් ලද බොහෝ අත්දැකීම් මත ඔහු ලියූ ලිපි හා කෘතීන් ඉතා රසවත් ලෙසින් පාඨක සිත් ඇදබැඳ තබා ගන්නට සමත් වූවා යැයි කීම අතිශයෝක්තියක් නො වනු ඇත.
විශ්‍රාම දිවිය ගත කරමින් සැඳෑ සුවය විඳින්නට ඔහු තෝරා ගත්තේ ලේඛනය යි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රචිත කෘතීන් අතර ශ්‍රී ලංකාවේ එක්තරා සමාජ පැතිකඩක් පිළිබිඹු කරන වලව් සංස්කෘතිය පිළිබඳව ගැඹුරු හා ගවේෂණාත්මක කරුණු කැටිකර ගනිමින් ඉදිරිපත් කරන මෙම කෘතිය කියවන්නන් හට අමුතු අත් දැකීමක් ගෙනෙනු ඇත. යටගිය හා වැහසී ගිය අතීතයක් කියවීම බොහෝ දුෂ්කර ය. පුරාවිද්‍යාව තුළින් සිදුවන්නේ අතීතය කියවීම ය.
ඒ අනුව ජයන්ත විජේරත්න නම් මොහු අතින් සිදුවන්නේ පුරාවිද්‍යාවෙන් හා ඉතිහාසයෙන් හඳුනාගන්නා ලද අතීතය, අතිමහත් ශ්‍රී ලාංකීය පාඨකයන්ට කියවා රසවිඳීමට හැකි ලෙසින් පෙළ ගැස්වීමකට ලක් කිරීම කි. හුදකලා නොවී සැඳෑ සමය ගෙවමින් අනෙක් මිනිසා වෙත තම දැනුම සංජානනය කිරීමට ජයන්ත විජේරත්න නම් මේ සොඳුරු මිනිසා ගන්නා වූ උත්සාහය බෙහෙවින්ම පැසසිය යුතු උතුම් කරුණ කි.
එච්. එම්. සමන් කුමාර ඇරෑගමපුරාවිද්යා පර්යේෂණ නිලධාරි (කැනීම්)
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න