Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රෝම අධිරාජ්යයේ ප්රභවය

එච්.එම්.ඉසුරු හේරත්

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

රෝමන්වරු (Romans) යනු පුරාතන ලෝකය උඩු යටිකුරු කළ අති ශ්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් සැලකිය හැක. මක් නිසාද යත් ඔවුහු යුරෝපය, උතුරු අප්‍රිකාව, බටහිර ආසියාව සම්බන්ධ කොට ගත් මහා රෝමන් අධිරාජ්‍යය (Roman Empire) බිහි කළ අයවලුන් වන බැවිනි. සැබවින් ම ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතටත් වඩා කුඩා මධ්‍යම ඉතාලියේ ලැටියම් නම් කුඩා බිම් කැබැල්ලකින් ආරම්භ වූ රෝමය එයින් සියවස් හතකට පසුව අධිරාජ්‍යයක් බවට පත්වූයේ පෙර සඳහන් කළ රෝමන්වරුන්ගේ රණකාමිත්වයත්, අප්‍රතිහත ධෛර්යයත් සහ උපායශීලී ස්ථානෝචිත දේශපාලන උපක්‍රම හේතුවෙනි. අනේකවිධ සතුරු ආක්‍රමණ, සිවිල් යුද්ධ සහ වැට වැටීම් මධ්‍යයේ රෝමය අධිරාජ්‍යයක් බවට පත් වූ ආකාරය මෙම කෘතියෙන් විස්තර වේ. මීට අමතරව ප්‍රෞඪ ජාතියක් වශයෙන් ලෝකය ජයගැනීම සඳහා ඔවුන් ගත් ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ගවලට අවශ්‍ය නොබිඳුණු චිත්තශක්තිය, උදාර නායකත්වය කවර දේශයක් වුව ද ගොඩනැංවීමේදී ඉවහල් වන ආකාරය මේ මගින් සවිස්තරව ඉදිරිපත් කර ඇත.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න