Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සන්තියාගෝ නම් සැරිසරන්නා

Paulo Coeiho · චූලානන්ද සමරනායක · පාවුලෝ කොයියෝ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 2
  1. පොතේ හමුවෙන ඈත කන්ද උඩ පලිගු කන්නාඩි විකුනන්නා තමයි චූලානන්ද කියන්නේ.
    මෙය විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    අවුරු​දු කිහිපයකට කලින් මේ පොත මගේ අතට ලැබෙනකොට මම හිතුවේ මේ පොතේ නම තමයි “පාවුලෝ කොයියෝ” කියන්නේ කියලා.. ද අල්කෙමිස්ට් කියන්නේ පොතේ කතුවරයාගේ නම කියලා. පොතේ පිට කවරේ දැක්කහම ඕනි කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන්. මොකද ලොකුවට පේන අකුරු ටික තමයි පොතේ නම කියලා සැනින් හිතන නිසා..
    චූලානන්ද සමරනායකගේ පරිවර්තනය මගේ අතට ලැබුනේ අහම්බෙන්. නිකමට පිටු කිහිපයක් පෙරලා බැලුවා. පොතක් හිතට වද්දාගන්නේ එහෙම තමයි. අහම්බු ලෙස පෙරලලා අහුවෙන ජේදයක්, තැණින් තැන කියවාගෙන යනකොට පොතක රිදම් එක අහුවෙනවා නම් මම ඒ පොත කියවන්න ගන්නවා. ඒ කියන්නෙ පොත මිලදී ගන්නවාම කියන එක නෙවෙයි. පොතක් කියන්නේ අතින් අතට හුමාරුකරගෙන යන්න පුලුවන් දෙයක් හරියට මේ ජිවිතේට සමුදීලා තවත් ජිවිතේකට ආත්මය වෙලා පියබායනවා වගේ දෙයක්.
    චූලා ලොක්කා නමට වඩා කොහොමත් විසල් මිනිසෙ​ක්. ඈත කදු පන්තිවල සිට හමාගෙන එන සුලගත් එක්ක ලැවැන්ඩර් සුවද අපේ ගතට සිත​ට දැනෙන විදිහට පරිවර්තනය කරලා තියනවා. මම හිතන්නේ මේ පොත පරිවර්තනය වෙලා තියෙන්නේම චූලානන්ද සමරනායකගේ ආත්මයත් කා වැදිලා කියලයි.
    පොතේ හමුවෙන ඈත කන්ද උඩ පලිගු කන්නාඩි විකුනන්නා තමයි චූලානන්ද කියන්නේ. එයාගේ රාජකාරිය හෙවත් ආත්මීය පැවරුම වෙලාතියෙන්නේ බසක් නොදන්නා නිසාම කොනක හිරවුනු මම වගේ උන්ට ඈත කදුශිකරත් ඊජිප්තුවේ පිරමීඩත් එකට හමුවෙන සුලගක් නිර්මනය කරන එක. ඒක හරි අපුරූ ආත්මීය පරිවර්තනයක්.????
    මිනුව​න් ·
  2. ★★★★★ නවකතා
    මෙය විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    සන්තියාගෝ නම් සැරිසරන්නා ~ THE ALCHEMIST

    මෙම කෘතිය පාවුලෝ කොය්යෝ ගේ වඩාත්ම ජනප්‍රිය කෘතිය ලෙසට හැඳින්විය හැක.

    නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැඳ යන එඬේර කොල්ලෙකුගේ ජීවන පුවතක ආකාරයෙන් මෙය ඉදිරිපත් කර ඇත.මතුපිටින් හුදු පුද්ගල චාරිකාවක් සේ පෙනුනද ,

    ????සිහින ලුහුබැඳ යාමේ අසිරිය
    ????ඇතුල් සිතට සවන් දීම
    ????දිවි මගේ හමුවන නිමිති හඳුනා ගැනීම

    දක්වන අසිරිමත් නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
    Ranga Yudara ·

මෙම කෘතිය ගැන ලියන්න