JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු
අද ලංකාවේ බොහෝ දෙනෙකු ඉංග්‍රීසි භාෂාව කෙරෙහි මහත් උනන්දුවක් දක්වන නමුත් ඒ පිළිබඳ තරමක අවබෝධයක් හෝ ලබා ගැනීමට අපහසු වන්නේ එම පොත්වල කරුණු ඉදිරිපත් කිරීමේදී පාඨකයාට යම් ඉංග්‍රීසි දැනුමක් තිබේය යන උපකල්පනය මත ඒවා ලියැවී ඇති නිසාය. මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු මහතාගේ මෙම පොත මුල සිටම එනම් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් සහ සිම්පල් අකුරු කවරේද යන්නෙන් පටන්ගෙන ඇති බැවින් ඉංග්‍රීසි පිළිබඳ කිසිම දැනුමක් නොමැති කෙනෙකුට වුවද සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් පියවරෙන් පියවර භාෂා දැනුම ගොඩනැගීමට අදාල කරුණු මැනවින් දක්වා ඇති හෙයින් එය කියවන්නාට මනා රුචියක් ඇතිකරනු ඇතැයි සිතමි.
- මහාචාර්ය කේ. ආර්. ඇම්. ටී. කරුණාරත්න
මේ යුගයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය හා වැදගත්කම අපි කවුරුත් දනිමු. මෙම භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව ඉගෙනීම හා ඉගැන්වීම ඉතා වැදගත් සේ සලකමි. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් ඇති දක්ෂයන් සිටියත් තමා දන්නා ක්‍රමවේදයන් ඉගැන්වීමට ඇති හැකියාව පිහිටා ඇත්තේ අල්පයකට පමණි. මෙම ග්‍රන්ථයේ ඉතා සරල හා ක්‍රමානුකූල ක්‍රමවේදයකට ඉංග්‍රීසි හෝඩියේ සිට ව්‍යාකරණ මට්ටම දක්වා සැමටම හැදෑරීමට පහසු අන්දමින් පාඩම් ඉදිරිපත් කිරීමට මයිකල් ආන්ජලෝ මහතා දක්ෂ වී ඇත. ඉංග්‍රීසි භාෂාව අගය කරන, එම භාෂාවට ආදරය කරන කතුවරයෙකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කාහටත් ප්‍රයෝජනවත් ආකාරයට රචිත මෙම ග්‍රන්ථය සැමට වටිනා අත්වැලක් වනු නොඅනුමානය.
- ගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමා.සහකාර අධ්‍යක්ෂ,අංශ ප්‍රධානි - බාහිර හා අභ්‍යන්තර උපාධි අංශය,ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය
විචාරයක් ලිවීමට පිවිසෙන්න