Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සියදිවි ගත්තවුන්ගේ විලාපය

හර්ෂ බුමුණුආරච්චි

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

ඔව් නංගි... ඒක හරියට වෝ ෆ්‍රන්ට් එක වගේ. නංගිලා දන්නවනෙ, යුධ පෙරමුණේ ඉස්සරහින් ම ඉන්න සොල්දාදුවන්ට, මොන ම හේතුවකින්වත් ආපහු හැරිලා එන්න බෑ කියලා. එහෙම ආවොත්, දෙවෙනියට ඉන්න අය අතින් වෙඩිකන්න වෙනවා. මොකද දෙවෙනි බැටෑලියන් එක දන්නෙ නෑනෙ, එයාලගෙ පැත්තට එන්නෙ කවුද කියලා. යුද්ධයක් කරන වෙලාවට මැරෙන අයගෙන් සියට විස්සක් විතර ම මැරෙන්නෙ, තමන්ගෙ ම අය අතින් කියලනෙ කියන්නෙ. නංගිලා අහලා ඇතිනෙ ෆ්‍රෙන්ඩ්ලි ෆයර් කියන්නෙ. අන්න ඒ වගේ, මේ දරුවන්ගෙ පිටිපස්සෙන්, තුවක්කුවලටත් වඩා භයානක ආයුධක් වෙච්ච, පවුලේ ආත්ම ගෞරවය කියන ආයුධය තියාගෙන, දෙමාපියෝ දෙන්නා ඉන්නවා. ඒක නිසා ආපහු හැරෙන්නත් බෑ. ඉස්සරහට යන්නත් බෑ. ඒක නිසා කරන්න දන්න එක ම දේ තමයි, සියදිවි හානි කරගන්න එක. මොකද ඉතින් පොඩිකාලේ ඉඳල ම ඉස්කෝලෙ වැඩ ටික කළා මිසක්, ජීවිතය කියන්නෙ මොකද්ද කියලා අවබෝධ කරගත්තා යැ.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න