Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

තක්සලාවේ නියඟය

සරත් විජේසූරිය

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, 'ජීවිතය' හා 'සමාජය' විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින් ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ 'තක්සලාවේ නියඟය' එකී පුරුද්දෙහි තිබූ හිංසනය සේ ම - අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය 'එක් අවධියක' ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න