JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
The Grim Tales
E. Nesbit · ධවල සක්විති තිරාණගම පරිවර්තනය
කැටයම් කළ පුටුවේ සෙවණැල්ල අතරින් සේද රෙදි සලන හඬක් ඇසුණු අතර, සෙවණැල්ල මැදින් පින්තූරයේ සිටි කාන්තාව එළියට එමින් සිටියා ය. ඇය සිටියේ සැබවින් ම මා දෙසට පැමිණෙමිනි.එක්කෝ ස්වභාව ධර්මයේ නීති උඩු යටිකුරු වී ඇත. නැති නම් මම උමතු වී සිටිමි.
සඳ එළිය මතු වී මට ඒ සඳහා හේතුව පෙන්වා දුන්නේ ය. මම එක් වර ම නතර වුණෙමි. මගේ හදවතේ ගැස්ම කෙතරම් වැඩි වූවා ද යත් මට හුස්ම හිර වනවාක් මෙන් දැනුණි. අනතුරු ව මගේ මුළු සිරුර ම අප්‍රාණික වී මහා බියකින් සිත ගිලී ගියේ ය.මනුෂ්‍ය ප්‍රමාණයට නෙළූ එම ප්‍රතිමාවන් එතැන නොතිබුණි. නැගෙනහිර කවුළුවෙන් ඇලයට වැටුණු අපැහැදිලි සඳ එළියෙන් පෙනුණේ ඒවා තිබූ හිස් වූ කිරිගරුඬ පුවරු පමණි.
අද්භූත, සුන්දර සංගීතය සමග මා වෙත පැමිණි මරණය සහ විනාශය පිළිබඳ හැඟීම මගේ සියලු සිතුවිලි වසා ගෙන තිබුණි. නිශ්ශබ්ද වූ නිවාස, කළු පැහැති වස්ත්‍ර, සුදු පැහැති මල් සහ සුදු රෙදි, මරණීය නිශ්ශබ්දතාවයකින් වැසී ඇති කාමර පිළිබඳ සංකල්පනාවන්ගෙන් මගේ සිත පිරී ගියේ ය. මට ඇඬුම් හඬවල් සහ අඳුරු හඬින් යුත් සීනු නාදයන් ඒකාකාරී ලෙස රැව් දෙනු ඇසුණි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න