JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
කුමාරි දසනායක
කුමාරි දසනායක, පාඨකයන් දීර්ඝ කාලයක සිට හොඳින් දන්නා හඳුනන ඔවුන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය ලේඛිකාවකි. දීර්ඝ කාලයක් පුරා දිවයිනේ විවිධ පුවත්පත් හි කවිපිටු කුමාරිගේ පද්‍ය කාව්‍ය නිර්මාණවලින් සැරසී තිබුණු බව අපට මතකය. කවිය ඇගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස පාඨක අපට හැඟුණ ද කුමාරි දසනායක ලේඛිකාවක ලෙස දොරට වඩින්නී 1995 දී පිතු පාදං නමා මහං නම් කෙටි කථා සංග්‍රහය පලකිරීමෙනි.
ඉන්පසු 2015 දී ඈ කිවිඳියක ලෙස තම පළමු පද්‍ය කාව්‍ය සංග්‍රහය ඔළු නැති කවි කාව්‍ය සංග්‍රහයේ දී මෙන්ම 'උඹත් මල් වෙඩිල්ලක්' නම් මෙම කවි එකතුවේහි කාව්‍ය නිර්මාණ සඳහා ද මාතෘකා භාවිත කොට නොමැත. කවිය රස විඳීමෙන් පසුව ඊට උචිත මාතෘකාවක් සොයා ගන්නැයි, ඈ පාඨකයාට ඇරයුම් කරන්නීය.
කවියෙන් මතුවන අර්ථය, එහි අපූර්වත්වය ඔස්සේ කවියක් රසවිඳීමට පාඨකයන්ට බාධාවක් නොවන බව කුමාරි දසනායකගේ පූර්ව කෘතියේ මෙන්ම 'උඹත් මල් වෙඩිල්ලක්' කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ ද කියවන කල අපට සිතේ. වසර හයක වැඩි දිගු නිහැඬියාවකින් පසු පළකොට ඇති ඇගේ මෙම කවි එකතුවේ නිර්මාණ රැසකින් කිවිඳියගේ පරිණත කවිත්වයක ලකුණු දිස්වේ.
සංක්ෂිප්තතාව කවියක සාර්ථකත්වයට හේතුවන්නේ එම ආකෘතිය කාව්‍යෝචිතව හා නිර්මාණාත්මකව භාවිත කළහොත් පමණි. මෙම කෘතියේ සියලුම කවි හයිකු කාව්‍ය ආකෘතිය සිහිගන්වයි.
ඒවායින් බහුතරයක් අප සිත් ගන්නේ, කිවිඳිය විසින්, සංක්ෂිප්ත කාව්‍ය ආකෘතිය තුළ, ප්‍රතිනිර්මාණය කොට ඇති ජීවාතානුභූතීන්හි අර්ථාව්නිත බව හේතුකොට ගෙවන ආදරය, ප්‍රේමය, විවාහ ජීවිතය, සම්භෝග විප්‍රලම්භ ප්‍රේමය වැනි විවිධ විෂය ඇගේ කවියෙන් ප්‍රතීයමාන වේ. ඇගේ බස සරලය. කාව්‍යෝචිතය කවිමග තව තවත් දිගු ගමනක් යාමට ඇයට සුභපතමි.
බුද්ධදාස ගලප්පත්තිප්රවීන විචාරක කිවිවර
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න