මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
★★★★★ Lassana pothakමෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිniyamai
-
විසල් අහස යට අනේක සිතුවිලිමෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමම කවි පොත් කියවන්නේ හිතට ඉසිඹුවක් ලබාගන්න. වෙනත් පොතකට හිත යොමු කරවන්න තරම් දිගු විවේකයක් නැති විටෙකදී, වෙහෙසට පත්ව ඇති සිත නිවාගන්න. ඉතින් සති ගණනක් පුරා මගේ කාර්යාල ලිපිගොණු අතර රැඳී ඒ ඉසිඹුව, ඒ නිවීම ලබාගන්න මෑතකදී මට මග පෑදූ අපූරු කවි ගෙත්තම් එකතුවක් තමයි 'විසල් අහස යට අනේක සිතුවිලි'. ඒ නමත්, පොතේ කවරයත් කවියක් මෙන් හරි ම සුන්දරයි. අම්මාත් තාත්තාත් වෙනුවෙන් ලියැවුණු කවි පබැඳි ද්විත්වයකින් ඇරඹෙන මේ පොතේ මුළු කවි ගණන 38ක්. සරල සුන්දර වදනින් ගෙත්තම් වී ඇති ඒ කවි අතුරින් ඇතැමක් ගැඹුරු අරුතින් යුක්තයි, ඇතැමක් මායාවෙන් වැසී සැඟව ගිය යතාර්ථය පසක් කරවනසුලුයි, තවත් ඇතැමක් සරලයි, සැහැල්ලුයි. සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙන් මෙම පළමු පියවර තැබූ ලෙහාන් හඳුන්ගේ සොයුරාගේ ලේඛන දිවියට ජයෙන් ජය ම පතනා අතර ම, ප්‍රබන්ධකරණයටද පිවිස වඩාත් සාර්ථක ගමනකට පා තබනු ඇතැයි බලාපොරොත්තු වෙමි.