Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බ්රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්ර චරිතාපදානය

R J de Silva

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සතිස්චන්ද්‍ර වෙදමහතා වෙත සංවේගයෙනි,

මාගේ දොස්තර මල්ලී දන්වා ඇති පරිදි සිංගප්පූරුවේ දී මා පිළිගැනීමට නැවට පැමිණි මගේ සිංහල මිතුරන් ගෙන් ඇසූ මෙම ශෝක ජනක පුවත නිසා මට ඇති වූ කම්පනය ටික වේලාවක් යනතුරු ම පැවතියේ ය. හරිශ්චන්ද්‍ර වයස 36 දී මරණයට පත්වේ යයි කිසි කෙනෙකු සිතුවා ද? අහෝ! ලංකා ශාසනය දියුණු වේගන යන මේ කාලයේ පරමාර්ථය සලකා ක්‍රියා කරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයා ගැනීම දුර්ලභ යි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාමී හරිශ්චන්ද්‍ර ගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේය යන භයක් මාරයාට ඇති වුණාද? පාදිලිphraseලාලාට, පර සුද්දන්ට බනිනවා යයි චෝදනා විඳිනු ලබන මට මේ මරණය පැමිණ හරිශ්චන්ද්‍රට දීර්ඝායු ලැබුණා නම් මම සතුටු යි. වර්ෂ 1898 සිට සම්බුද්ධ ශාසනයට හරිශ්චන්ද්‍ර විසින් කළ වැඩ ලක්ෂයක් මනුෂ්‍යයන්ගෙන්වත් නොකළ හැකි යි. මත්පැනට ඇබ්බැහි වී සිටි තම පියතුමා වූ මීගමුව, මහහුණුපිටියේ පදිංචි වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා මුදලිතුමා සම්පූර්ණයෙන් ම මත්පැනින් බේරා ගැනීමට හැකිවීම ම හරිශ්චන්ද්‍රට දිව්‍ය සම්පත් ලැබීමට තරම් ප්‍රමාණවත් වන්නේ ය. රාජගිරි ආරාමය විවෘත කිරීමෙන් ලැබුණු ඵලයට හරිශ්චන්ද්‍ර නැතිවීමෙන් වාෂ්ප වී ය. ලංකා ශාසනයට මේ මරණයෙන් ඇති වූ පාඩුව සම්පූර්ණ කරගැනීම වර්ෂ 40කින් මෙහා නො හැකියි. ජගත්සේන (දියසේන) කුමාරයා එන කාලයට හරිශ්චන්ද්‍ර පැමිණේ යයි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ඕනෑ කරන හරිශ්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයන් ගේ පුණ්‍ය බලය හීන නිස යි. 22 වෙනි දින ලංකාවට පැමිණි කල මා වැඩ රාශියක් කරන්ට හිතා සිටියා. මගේ අදහස්වලට සතුටු එක ම හිතැති පුද්ගලයා හරිශ්චන්ද්‍ර යි. ඔහු නැති වී යාම ලෝකයාට දුක යි. මේ කාලයේ ඉදිරිපත් වන කිසිවෙක් නැති සේ ය.

අනගාරික ධර්මපාල හේවාforkවිතාරණ,
1913-09-15 වෙනිදා - සිංගප්පූරුවේ සිට.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න