JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Paulo Coeiho · චූලානන්ද සමරනායක · පාවුලෝ කොයියෝ
කෑදරකම, භීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වදවිඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවත ද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේ ය. ඉදින් එහිදී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපත ද එසේත් නැතිනම් නපුරද?
මේ චමත්කාරජනක නවකතාව තුළින් පාවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අඳුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි; අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත්වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදාකර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය යනු උද්වේගකර කතාන්දරයකි. එසේම එමගින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.
පරිවර්තනය චූලානන්ද සමරනායක
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න