දෙවිවරු සහ දේවාල

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
dewiwaru-saha-dewala-padma-manike-udawaththa-sarasavi

ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන් ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ. 

වෛදික යුගයේදී ඉන්දියාවේ ප්‍රචලිත වූ දේව ඇදහිලි ශ්‍රී ලංකාවටද බලපෑ අතර, එක් එක් දෙවිවරුන් පිළිබඳව පුරාණෝක්ති මෙන්ම ජනප්‍රවාද රාශියක්ම ගොඩ නැඟී ඇති බව පැහැදිලි වේ.

Back to Top