දෙවිවරු සහ දේවාල
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන් ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
වෛදික යුගයේදී ඉන්දියාවේ ප්‍රචලිත වූ දේව ඇදහිලි ශ්‍රී ලංකාවටද බලපෑ අතර, එක් එක් දෙවිවරුන් පිළිබඳව පුරාණෝක්ති මෙන්ම ජනප්‍රවාද රාශියක්ම ගොඩ නැඟී ඇති බව පැහැදිලි වේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.