මියන්මාරයේ සත් දවසක්
මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන් න්ගුන්හි අතිපුජනීය ශ්වේදගොන් පැගෝඩාව ප්‍රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප්‍රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් ඇතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරි පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයින්හ්ටයෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ග්වේනන්දාව් දැව විහාරය ද සිත විස්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ විල මත ඇති පාවෙන ගොව්බිම්, ගම්මාන, අවන්හල් සුන්දරත්වයෙන් අනූනය. එගොඩ මෙගොඩ නොපෙනෙන, ලෝකයේ විශාලතම ගංගාවක් වන ඉරවඩිගංගාව නෙතට රසඳුනකි. නිරතුරු අව්‍යාජ සිනහවෙන් මුව සරසා ගත්, ඇති නැති බේදයක් නැතිව, චාම් සරොම් කමිස හා ලුංගිහැට්ටවලින් සැරසුණු අල්පේච්ඡ ජීවිත ගතකරන අවිහිංසක ජනතාවක් එහි වෙසෙති. ශ්‍රී ලංකාවට අමරපුර හා රාමඤ්ඤ නිකායයන් තිළිණ කළ අමරපුරය හා රාමඤ්ඤය අදත් එහි ජීවමානය. මේ සියල්ලෙන් පරිපූර්ණ මියන්මණය වන්දනා කරුවන්ට පූජනීය පුදබිමකි. චාරකයන්ට පාරාදීසයකි. ‘මියන්මාරයේ සත් දවසක්’ ඒ අපූරු දේශය හඳුනා ගැනීමට කැමති පාඨකයන්ට අගනා කවුළුවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.