අපේ වැවෙන් පැන් දෝතක්
ශ්‍රී ලංකාද්වීපයේ සිංහල ජනතාවගේ වාසය කොතරම් පැරණි ද වී ගොවිතැන සහ එය සඳහා ජල සම්පාදනය පිණිස ඔවුන් ගොඩනැගූ වැව ද ඒ තරම්ම පැරණිය. ව්‍යවහාර වර්ෂ පූර්ව හයවන සියවස පමණ කාලයේ දී පළමු සිංහල ජනාවාසය පිහිටු වූ විජය කුමරු ඒ සඳහා තෝරා ගත්තේ කදම්ම නදිය හෙවත් මල්වතු ඔය අසබඩ තැනකි. තම්මැන්නා නුවර යැයි නම් වුණු එය මෙන් ම, විජයගේ සහායක උපතිස්ස කුමරු ගම්භීර නදිය අසබඩව ද අනුරාධ කුමරු යළි කදම්බ නදියේ ඉහත්තාවේ ද ජනාවාස පිහිටුවූයේ මේ ජනයාගේ ජීවනෝපාය වූ වී ගොවිතැන සඳහා ජල සම්පාදනය පහසුවෙන් සිදු කර ගැනීම පිණිස ය. අනතුරුව හුදෙක් ස්වාභාවික ජලමාර්ගයන් කෙරේ ම යැපීම ප්‍රමාණවත් නොවන බැව් වටහා ගත්මේ මුල් සිංහලයන් ම, වැව් තනා ජලය සංරක්ෂණය ඇරඹූ අයුරු අනුරාධ කුමරුන් තමා පිහිටුවා ලූ අනුරාධගාමය ට දකුණෙන් පළමු වැව තැනවීමෙන් පැහැදිලි වේ.
උතුරු ඉන්දියාවෙන් මෙහි සංක්‍රමණය වූවන් පිරිසකගෙන් “සිංහල” ජන වර්ගය බිහි වූවා සේ ම එම ජන වර්ගය විසින් මෙම දිවයිනෙහි, තමන්ට ම අනන්‍ය වූ සංස්කෘතියක් බිහි කරන ලදී. සාහිත්‍යය, චිත්‍ර කර්මාන්තය වැනි තාක්ෂණික ක්ෂේත්‍රයන් හි ද අපට ම අනන්‍ය වූ ''සිංහල ලකුණක්” ඇත්තේ ය. ක්‍රම ක්‍රමයෙන් අප වාපි කර්මාන්තය ද සුවිශාල ශාස්ත්‍රයක් බවට පත් වූ සැටි ඉතිහාසයෙන් පැහැදිලි වේ.
කේ.එම්.අයි. ස්වර්ණසිංහයන් අපට හෙළි පෙහෙළි කරන්නේ වාපි කර්මාන්තය තුළ ඇති එම සිංහල ලකුණයි. එම විෂය පිළිබඳව මෙතෙක් ලියැවී ඇති අතිශය සර්වග්‍රාහි විස්තරය මෙය බව නොවළහා පැවසිය හැකිය. රජරට ගැමියෙකු වන ස්වර්ණසිංහයන් වැව් ගැන තම ගෙමිදුල හා සමාන සමීප අත්දැකීම් ඇත්තෙකි. ජනසන්නිවේදන පශ්චාත් උපාධිධරයෙකු ලෙස මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ඇති ශාස්ත්‍රවන්තභාවය, ප්‍රවීණ කලාකරුවෙකු ලෙස ලබා ඇති කලාත්මක ඥානයෙන් ධජ නංවාගෙන සිටින ඔහු අතින් පාඨකයන් මනෝරංජනය කරන්නා වූ කෘතියක් නිම වී ඇති බව පැහැදිලිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.