About this book
''අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද''
Details
ISBN
9786249695788
පිටු ගණන (Pages)
193
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 4
-
"අපහාසය වෙනුවට උපහාසය යොදා ගනිමින් සමාජයේ සැබැවින්ම ඇති ප්‍රශ්නයක් අතිශෝක්තියක් කරමින් සිනාවේ ගිල්වන්න සැබැවින්ම සමත් වෙච්ච පොතක් මේ පොත."කතාව ගැන:
************
කාගෙ හරි ඩයරියක්(දින පොතක්) කියවන එක නම් කොහෙත්ම හොඳ පුරුද්දක් නෙවෙයි.
හැබැයි ඉතින් කල්පනා අපිව මේ දිනපොත කියවන්න ඇබ්බැහි කරපු නිසාම කියවන්න උනා.
හාස්‍යය රසය සහ උපහාසය අපූරුවට එකතු කරමින්, සමාජයේ පවතින සැබෑ ගැටළුවක් ගැන තමයි මේ පොතේ තියෙන්නේ.
මේ කතාවේ කියවෙන්නේ,
දරුවෙක්ගේ පවුල් ජීවිතයට අසාමාන්‍ය ලෙස අත පොවන නැන්දම්මා කෙනෙක් ගැන.
නමුත් මේ කතාවේ තියෙන්නේ ගැටුම් නෙවෙයි.
මේ තත්ත්වය උපහාසයට ලක් කරමින් සිනහව අතරින් යථාර්ථය ගැන අවබෝධය කරගන්න පණිවිඩයක්.
මේ වගේ කතාවක් ගැන ලොකු විස්තරයක් කියන්න අමාරුයි.
හිනා වෙන්න ආස අය කියවලාම බලන්න.
මගේ අදහස (???? Spoiler Alerts):
**************
මට හිතෙනවා මේ කතාවේ අවසානය, කතාවට අවසානයක් අරන් එන්න ඕන නිසා ලබා දීපු එකක් කියලා.
අන්තිම ටික. මේ තරම් වේගවත් නොවී ගලා ගොස් නැන්දම්මා පොඩි වට හරි තත්වය තේරුම් ගන්න තැනට ගෙනාවා නම් හොඳයි කියලා හිතුනා.
නමුත් යථාර්ථයේ උනත් එහෙම වෙනවා බොහොම අඩු නිසා මේ අවසානයෙන් හිත හදාගන්න පුළුවන්.
කර්තෘ ගැන:
*************
හරිම අහම්බෙන් දවසක කාන්තා සමූහයක ලියවුණු වෙනස් ම ලියවිල්ලක් නිසාවෙන් තමයි මුලින්ම මේ කතාව කියවන්න ලැබුනේ... ඒකත් හරිම රසබර ලියවිල්ලක්..
හිනා ගිහින්ම හිතේ පීඩනය අඩු වෙනවා..
-
ජාතියේ නැන්දම්මා????පොත කියවද්දි පොත ඇතුලට ගිහින් ඒ නැන්දම්මගෙ ඔලුව ඇතුලටත් ගිහිල්ලා මොලේ වයර් මාරු වෙලා නම් හරියට connect කරල එන්න හිතුන වාර අනන්තයි අප්‍රමාණයි????
සිරාවටම ඒ නැන්දම්මව නම් පුනරුත්ථාපනය කරන්න වටිනව???????????? -
Hina wela pana yanawaathatama nadma mehema thama .me potha yaluwekgen kiyawwe ,matama pothak ganna one..kochara hinna unath anthima dukai
-
හොඳම ඩයරියක්මෙහෙම මිනිස්සු හිටියත් නැතත් මතක් කර කර හිනා වෙන්න ඕන නම් කියවන්න ඕනම පොතක් මේක..
Write a review