Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හසරැල් ගංගා

හසරැල් ගංගා

ප්‍රකාශක (Publisher): ටෞට් ප්‍රකාශන - Tout Publishing
About this book

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර

ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.

 

අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු

අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක

මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.

 

අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස්

කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක

ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන්

ජීවිතේට එකතු කරගන්න.

 

අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.

 

අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න

පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලතවෙන්න

තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක්

තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

Details
ISBN
9786246268077
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.
    මම මේ කියන්න යන්නෙ අලුතෙන් නිකුත් වෙන්න නියමිත අපූරු පොතක් ගැන, දැනටමත් ඔබ දන්නවනෙ පොත මොකක්ද කියලා. ඔව් ඔබ හරි පොතේ නම “හසරැල් ගංගා” කතුවරිය නිලූකා බ්‍රැන්ඩන්.
    දැන් ඔබට ප්‍රශ්ණයක් ඇති තවම නිකුත් වෙලාවත් නැති පොතක් ගැන මම කොහොමද ඔබට අදහස් කියන්නෙ කියල. ඒක මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්.
    නිලූකා බ්‍රැන්ඩන් කියන්නෙ මම දන්න කියන හිතවත් කතුවරු අතරෙන්, පොතේ අන්තර්ගතය නිමාව විතරක් නෙමෙයි පාඨකයන්ට පොත මොන විදිහට දැනෙයිද කියන එක ගැන සෑහෙන අවධානයක් දෙන ඒ ගැන නිරන්තර ඇගයීම් පරීක්ෂණ කරන අය අතරෙ ඉහලින්ම ඉන්න කෙනෙක්.
    ඇයත් මමත් හරියටම හදුනාගන්නෙ ඇගේ දෙවන කෘතිය “ හදවත් වරක් 2 “ කෘතිය දොරට වැඩීම එක්ක. එනිසාම, බොහෝ දෙනා නොදන්නවා උනාට හදවත් වරක් කෘති ද්විත්වය නිකුත් වීමෙන් පස්සෙ ඇය නිකුත් කල හැම කෘතියකම බීටා කියවන්නෙක් වශයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව මට ලැබෙනව. “රෝජා” , “චිත්‍රාල්” කෘති ද්විත්වය විතරක් නෙමෙයි “හසරැල් ගංගා” කෘතිය සඳහාත් මට පෙර කියවන්නෙක් ලෙස සහභාගී වෙන්න මෙනිසාම අවස්ථාවක් ලැබෙනවා.( ඇගේ සෑම කෘතියක්ම පෙර කියවන්නම් සැලකියයුතු ප්‍රමාණයක් කියවලා අදහස් දැක්වූවාට පස්සෙ තමයි ඇගේ අතින් අවසන් සංස්කරණයන් සිදුවෙන්නෙ. අදාල කෘතියෙ නීතිය, සෞඛ්‍ය, මනෝවිද්‍යාත්මක කරුණු ඇතුලත් වෙනවනම් ඒ ඒ විශයට අදාල ප්‍රාමාණික දැනුම සහිත විද්වතුන් මේ පෙර කියවන්නන් කණ්ඩායමට ඇතුල් වෙනවා ඒ හැර විවිධ කුලක වලට අයත් පාඨකයන් මේ කණ්ඩායමට ඇතුලත්)
    සාමාන්‍යයෙන් මට කියවන්න ලැබෙන්නෙ ඉතාම අඩු කාලයක් උනත් මේ කෘතිවල පෙර කියවීම් කරන්න ලැබුණු හැම අවස්ථාවකම ඉඩක් ලැබෙන හැම මොහොතකම පිටුවෙන් පිටුව හරි කියවමින්, මේ කතා කියවද්දි නැගෙන කෘතුහල පිපාසාව සංසිදවාගන්න මට තිබුණෙ දැඩි ආශාවක්.ඒක පිස්සුවක් තරමට වර්ධනය කරවන්න කතුවරිය සමත් වෙලා තිබුණා. එනිසාම ඇගේ රචනා ක්‍රමය ගැන මට තියෙන්නෙ ඉතා හොඳ පැහැදීමක්.
    මම පෙරකියවීම් සඳහා සහභාගී වෙච්ච,ඇයගෙ අනෙකුත් කෘති වලදි වගේම මේ කෘතියත් මට සාහිත්‍යමය වශයෙන් රසබර අත්දැකීමක් බවට පත් උනා. ඒත් කෘතිය ඇතුලෙ ඉන්න චරිතවල හැසිරීම් සිදුවීම් සහ කතා තේමාව එක්ක හිත සසල වෙච්ච සහ අධි සංවේදී වෙච්ච අවස්ථා බොහොමයි. (ඔව් පොත් කියවද්දි සමහර වෙලාවල මගෙ ඇස් තෙමෙනවා පපුව කකියන්න ගන්නවා???? සමහර වෙලාවට දන්න තිත්ත පද ඔක්කොම කියවෙනවා ????)
    ඇය මේ කෘතියට භාවිතා කරපු රචනා උපක්‍රමය නිසා අපිට එකිනෙකට වෙනස් පැතිකඩ එක්ක, සිදුවීම් සහ එක් එක් චරිත දිහා බලන්න නිරායාසයෙන්ම අවස්ථාව ලැබෙනවා. අපි හැමෝම අපේ කතා ඇතුලෙ නිර්දෝෂී වෙනව වගේම අපි කාගෙහරි කතාවක ඉන්න නපුරා බවට පත් වෙන බව වටහා ගන්න ඉතාම හොඳ උදාහරණයක් විදිහට හසරැල් ගංගා දකින්න මට පුළුවන්.
    කතුවරියගේ කෘති පාඨකයන් අතර ඉතාම ජනප්‍රිය බවට පත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඇය රචනා කරන පොත් ඇතුලෙ ජීවත් වෙන්නෙ සජීවී චරිත වීම. ඒ හැම චරිතයක්ම මේ මහපොළොවෙ අපිට එදිනෙදා මුණගැහෙන මුණගැහුණු එහෙමත් නැත්නම් අපේම කාබන් කොපි කියන්න පුලුවන් චරිත. ඒවගේම අභව්‍ය සිදුවීම් ඇගේ කෘතිවල මට මෙතෙක් හමුවෙලා නැහැ. මම කියවපු හැම චරිතයක්ම මට මුණගැහිල තියන අහල දෑකල තියන මිනිසුන්ව මතකයට ගෙනාවා. මම හිතන්නෙ මේ සුවිශේෂී ලක්ෂණය මේ කෘති පාඨකයාට සමීප කරන්න විශාල දායකත්වයක් දන්වනවා. පොත කියවගෙන යද්දි අපි නොදැනම ඒ කතාවේම කොටසක් විදිහට කතාව තුලට ඇදගන්න කතුවරිය සමත් වෙලා තියෙනවා ඒ නිසාම එක පිටුවකින් තව පිටුවකට අපි මාරු වෙන්න නිරායාසයෙන්මයි.
    ඇගේ අනෙකුත් කෘතිවල වගේම මේ කෘතියෙත් ඇය අපිට නොදැනී ගැඹුරු සමාජ පනිවිඩයක් ලබාදෙනබව මට හැඟෙනවා. හැබයි සාම්ප්‍රධායික බණ කතා ආකෘතියට පණිවිඩයක් දෙනවා වෙනුවට ඉතාම සූක්ෂ්මව නිරායාසයෙන් පණිවිඩය ගෙනයන්න ඇගේ රචනා ක්‍රමය සමත් වෙලා තියෙනවා.පණිවිඩය දුන්න තැනක් වචනයක් මෙන්න මේකයි කියන්න බැරි උණාට ගැඹුරු පණිවිඩයක් සියුම්ව දෙන එක ඇගේ පොත් වල පොදු ලක්ශණයක්. සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනය වෙන්න සමාජය දික් කඩක් සහ හරස් කඩක් වශයෙන් වෙන වෙනම අධ්‍යනය කරල ලියපු අපූරු ලියවිල්ල්ක් බවයි මේ කෘතිය ගැන මගේ අදහස.
    ඒවගේම මේ කතාව සම්පූර්ණ ප්‍රබන්ධයක් බව විශ්වාස කරන්න මම කොහෙත්ම සූදානම් නැහැ. කියවගෙන යද්දි මුණගැහෙන චරිත ස්ථාන එක්ක සම්බන්ධ ස්ථාන සිදුවීම් නිරායාසයෙන් මතක් වෙන නිසා මේ කතාවල ප්‍රබන්ධයට එහා ගියපු යථාර්ථවාදී මූලයන් තියන බවට ඉඟි මේ කතාව පුරාම දකින්න ලැබෙනවා.
    ඔබ මහ පොළොවෙ පයගහල ජීවත් වෙන්න කැමති කියවන්නෙක් නම්,
    ප්‍රබන්ධයකට එහේ ගියපු යථාර්තවාදී කතා කියවන්න ප්‍රිය අයෙක් නම්,
    පොතක් කියවන්න වෙන් කල වෙලාව අපරාදෙ කියල හිතනවට අකමැතිනම්,
    කතාව ඇතුලෙ කතාවෙම කොටසක් වෙල ජීවත් වෙන්න කැමතිනම්,
    අපරාදෙ මේ පොත ගන්න සල්ලි වියදම් කලේ කියල හිතෙනවට අකමැතිනම්,
    පොත කියවල ඉවරවුනාම ඔබ හිතන පතන විදිහෙ හෝ ඔබේ අත්දැකීම් වල වර්ධනයක් වෙන්න ඕන කියල හිතනවනම් ,
    ඔමට එදිනෙදා මුණගැහෙන මිනිස්සු සහ සිදුවීම් ගැන හොඳ වැටහීමක් ගන්න අවශ්‍යනම්,
    කොටින්ම වටිනා පොතක් කියල කට පුරා කියන්න පුලුවන් පොතක් කියවන්න අවශ්‍ය නම්,
    මම ඔබට ආරාධනා කරනවා හදවත් වරක් කෘති ද්විත්වය සහ
    රෝජා,චිත්‍රාල් කියන කෘති කියවන්න කියල.
    ඒවගේම මේ ඔක්කොම එක්ක ඔබට වෙනස්ම කතා රසයකුත් වෙනස් කථා තේමාවකට ගැලපෙන්න විඳින්න එකතු කරන්න ඔනනම්
    “හසරැල් ගංග” කියවන්න අමතක කරන්න එපා. දැන්ම ඔබේ පිටපත පළමු මුද්‍රණයෙන්ම පෙර ඇණවුම් කරන්න.
    කියවල විතරක් නිකන් ඉන්න එපා ඔබට දැනුණු අදහසත් අපි එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.
    ආ තව දෙයක්, කතුවරිය අපිව වැඩිය පීඩනයට පත් නොකර තරමක හරි සතුටුදායක අවසානයක් දෙන්න හසරැල් ගංගා එක්ක සමත් වෙලා තිබුණ කියලත් කියන්න පුලුවන් ඒකනම් පාඨකයන්ට ලොකු අස්වැසිල්ලක් බවට පත් වේවි.????
    ඒවගේම මේ වතාවෙත් Bookmark එකක් කවරෙත් එක්කම පාඨකයන්ට ළැබෙනව කියලත් ????තව විශේෂ දෙයක් කෘතිය එක්ක හඳුන්වල දෙන බවත් ඇය මට කිවුවා ????
    ඉක්මනින්ම හසරැල් ගංගා කියවමු, මමත් බලාපොරොත්තුව ඉන්නවා මුද්‍රිත කෘතිය නැවුම් සුවඳ විඳිමින්ම නැවත කියවන්න.
    "සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර
    ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.
    අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක,
    මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.
    අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න.
    අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.
    අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලතවෙන්න තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
    නිලූකා බ්‍රැන්ඩන් | හසරැල් ගංගා - ”
    #MyReviews_Naveen

    https://www.facebook.com/photo/?fbid=24911351621783752&set=a.108728515806073
    Naveen Srimal ·
  2. Excellent!
    Heavy to read, but a great book!
    Sandy රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: හසරැල් ගංගා

Reviews are published once a member of our team has read them.