Toxic ගර්භ විස
About this book
"මගෙ ඔලුව වටේ සමනල්ලු පියාඹන්න ගත්තා. පපුව ඇතුලෙ මල් පිපෙන්න ගත්තා ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ තොල් දෙක තියලා මං ඒක විසි තිස් වතාවක් ඉඹගෙන ඉඹගෙන ගියා. ඊට පස්සෙ සතුට කාන්දුවෙන ඇඟිලි තුඩු වලින් මෙහෙම ටයිප් කළා.
"ඔයාට මාව ඇත්තටම බලන්න ඕනද...?"
"ඔව්..."
Toxic- ගර්භ විස
Details
ISBN
9786246039103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
Toxic රහද ? නැද්ද ? Toxic ද? මඩවලට මානසික ලෙඩක්ද?ආයෙත් Mohan Raj Madawala ගෙ Toxic කෘතිය ගැන පාඨකයන් අතර කතාබහක් ඇතිවෙලා තියන නිසා සහ ඒවයෙ පාඨකයන් පලකල අදහස් කියවල බැලුවම මට toxic කෘතිය ගැන පෙර කියවන්නෙක් ලෙස මම පලකල අදහස් වලට වැඩිදුර අදහස් කිහිපයක් එකතු කරන්න ඕන කියල හිතුවා.
ඊට කලින් මම ඔබට මතක්කරනවා මේ මගේ පුද්ගලික අදහස්, මේ අදහස් මගේ රැකියාවට හෝ ආයතනයට සම්බන්ධ නැහැ සහ මේ අදහස් වලට වගකීම දරන්නේ මම පමණයි.
ඒවගේම මේ අදහස් ස්වේච්ඡාවෙන්ම ස්වාධීනව ඉදිරිපත් කරන අදහස් මේ අදහස් වලට කිසිවෙක්ගෙ බලපෑමක් නැහෑ.
මම මඩවලයන්ගෙ කියවපු පොත් වලින් ඉතාම සාර්ථක කෘතියක් කියල බය නැතිව කියන්න පුලුවන්. මේ කෘතිය සම්බන්ධව අදහස් පල කල ගොඩක් අයට මේක සෙට් නෑ වගේ තේරෙන්නෙ මඩවලයන්ගෙ සාමාන්‍ය රචනා ක්‍රමයෙන් මිදිල ලියපු පොත් කීපයෙන් එකක් නිසා එකපාරට හුරු නැති ගතියක් දැනෙන නිසා කියල මම හිතනව. ????
මේක ලියල තියන සරල සහ වේගයෙන් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ගතිය නිසා පොතේ තියන බර තැන් ගොඩක් කියවන අයට මගහැරෙනවා.
එනිසා මම spoil නොකර කියවන අයට මෙහෙම ඉඟි ටිකක් දෙන්නම්.
සරලව වේගයෙන් කියවන්න පුලුවන් උනාට වේගයෙන් යන්න එපා හැම සිදුවීමකම දෙබසකම යටිපෙළ හොයාගන්න උත්සාහ කරන්න.????
මේ සමහර සිදුවීම් සිතිවිලි මනෝ විද්‍යාවෙ කියල දෙන සංරක්ෂණ ප්‍රයෝග, හීනමානය, මනෝ භ්‍රාන්ති, multiple personality disorder, කිහන දේවල් එක්ක සම්බන්ධ බව හිතේ පැත්තක තියාගෙන කියවන්න.????
එතකොට කතාව තේරෙන්න ගනීවි ????
මගේ පුද්ගලික මතය අනුව මේවතාවෙ මඩවලයන් ඉතාම හොඳ මාතෘකාවන් කීපයක් කරලියට ගෙනැල්ල තියෙනවා .????????????
පවුලෙන් සහෝදර සහෝදරියන්ගෙන් සමාජයෙන් දරුවන්ට එල්ලවෙන විශසහිත බලපෑම්
ඒ නිසාම දරුවන්ට ඇතිවෙන මනෝව්‍යාධීන්, සහ අපහරණයට ලක්වීම්.
පවුලෙන් සමාජයෙන් බුලී වෙන දරුවෙක්ගෙ අත්දැකීම් ජීවිතය පුරාවටම බලපාන ආකාරය, වෛරීසහගත හැසිරීම් වලට හේතු.????♂
අහිමිවීම් වල වේදනාවන් මකාගන්න මිනිස්සු සංරක්ශණ ප්‍රයෝග යොදාගන්න ආකාරය????
මේවගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් මේ පොත ඇතුලෙ කතාවෙනව.
ඒනිසා "මඩවල කියන්නෙ මානසික ලෙඩෙක්"ද? නැද්ද? කියන්න මම දන්නෙ නෑ, ඒත් මඩවල Toxic කෘතියෙන් මානසික රෝග සහ සංකූලතා ගැන සෑහෙන කතාකරල තියන බවනම් තේරෙනවා ????
එනිසා මේ පොත සරලව සාමාන්‍ය නවකතාවක් විදිහට උඩින් කියවගෙන ගියොත්... ඔව් මම ඔබ එක්ක එකඟයි මේක අසාර්ථක කෘතියක්.????
ඒත් ඔබ මම කියපු යටිපෙළ එක්ක ගැඹුරු අධ්‍යනයක් එක්ක මේ පොත කියෙවුවොත් මඩවලයන්ගෙ බොහෝ කෘතිවලට වඩා ප්‍රායෝගික සමාජ ප්‍රශ්ණ ගැඹුරින් කතාකල රහ පොතක් වෙනව කියල මට විශ්වාසයි.????
අනික් කාරණය මේකෙ අවසානය අපහැදිලි වීම සමහර පාඨකයන්ට මේ පොත සෙට් නොවෙන්න එක හේතුවක් කියල මට කමෙන්ට් බැලුවම තේරුණා. ඇත්තටම ඒක පොඩි puzzle එකක්. අන්න ඒ puzzle එකට උත්තරෙ මම ඔය උඩ කියපු කාරණා එක්ක හැංගිල තියනවා. ????
මේ මම පොත ගැන මීට කලින් කල අදහස් දැක්වීමක්.ඒකෙත් මම වෙනස් මට්ටමකින් අදහස් දක්වල තියෙනවා.????
https://www.facebook.com/share/p/176bwFa2QM/?mibextid=wwXIfr
කොහොම උනත් අපි එකිනෙකාගෙ රසවින්දන මට්ටම් සහ අවශ්‍යතා විවිධාකාර නිසා සමහර පොත් සෙට් වෙන්නත් නොවෙන්නත් පුලුවන්. වටින්නෙ මේවගේ කෘති ගැන සංවාද මෙහෙම ගොඩනැගෙන එක සහ ඒගැන සංයමයෙන් අදහස් හුවමාරු කරගන්න එක.????
මේ කෘතිය ගැන තමන්ට දැනුන දේ අනුව විවේචන කරපු අදහස් දක්වපු ගල් මුල් එල්ල කල හැමෝටම පාඨකයෙක් විදිහට මම ස්තුති කරන්නම ඕන. මොකද සංවාද ඇතුලෙ අපි හැමෝටම ඉගනගන්න බොහෝ දේවල් තියෙනව සහ සංවාදයක් ගොඩනැගෙන්නෙ නැති උනාම ඒ අවස්ථා මගඃඇරිල යනවා. මම පුද්ගලිකව මේ සංවාද වල පලවෙච්ච අදහස් කියවල ඉගනගත්ත දේ බොහෝමයි. ????❤️
ඔය toxic ගැන මගේ toxic නොවන අදහස. මේ අදහස toxic විදිහට බාර නොගෙන කැමතිනම් එකඟ වෙන්නත් කැමතිනම් toxic වෙන්නත් නොවෙන්නත් ඔබට නිදහස තියෙනවා ❤️????
#MyReviews_Naveen
https://www.facebook.com/photo?fbid=25426050816980494&set=a.286019058077017 -
Toxic කියන්නෙ එක හුස්මට කිය්ද්වගෙන යන්න පුලුවන් අපූරු කතාවක් තියන කෘතියක්.???? කර්තෘගෙ අනෙක් කෘතිවල වගේම කතුවරයාගේ රචනා අනන්‍යතාව අපූරුවට තියල තියන ඒත් කලින් කෘතිවලට වඩා වෙනස් කතා තේමාවක් ගත්ත රසවත් කෘතියක්.Toxic සහ Toxic නොවෙන හැමෝටම දැන් Toxic කියවන්න අවස්ථාව තියෙනවා ????
Toxic කියන්නෙ එක හුස්මට කිය්ද්වගෙන යන්න පුලුවන් අපූරු කතාවක් තියන කෘතියක්.???? කර්තෘගෙ අනෙක් කෘතිවල වගේම කතුවරයාගේ රචනා අනන්‍යතාව අපූරුවට තියල තියන ඒත් කලින් කෘතිවලට වඩා වෙනස් කතා තේමාවක් ගත්ත රසවත් කෘතියක්.
කියවල ඉවර වෙලා තාමත් සමහර අවස්ථා ගැන කල්පනා කරනව හරියටම ගැලපෙන අර්ථය තේරුම් ගන්න. ඒතරමටම කෘතුහලය තියන කතාවක්(කියවල ඉවර වෙලත් කෘතුහලය යවාගන්න හරි අමාරුයි ඒත් මොළේට ගැට වැටෙන පොතක් නෙමෙයි).
මේ කෘතියෙ තව විශේෂයෙන් වෙන්නෙ සමාජයේ taboo ලෙස දකින විවිධාකාර ලිංගික සම්බන්ධතා සෘජුව ඉදිරිපත් කරල තිබීම ????(කතුවරය ඒ සම්බන්ධව සෘජුව අදහස් දක්වන අයෙක් බව ප්‍රසිද්ධයිනෙ). මඩවලයන් ඔහුගෙ අනික් කෘතිවල වගේම Toxic කෘතියෙත් සෘජුව ඒසම්බන්ධ අවස්ථා විස්තර කරල තියනවා ඒත් මේ කෘතියෙ විශේෂත්වය වෙන්නෙ කොහෙත්ම ඒ සිදුවීම් වලට සම්පූර්ණ කතාවේ රසය පාලනය කරන්න ඉඩ නොදී ඊටත් වඩා ආකර්ශණීය කෘතුහලය පිරුණු සිදුවීම් රාශියක් ඒ වටා ගොඩනගල තිබීම. මේ නිසාම සෘංගාරාත්මක අවස්ථා කතාවට බලෙන් ඔබ්බවල නැති බවත් ස්වභාවිකවම කතාවේ ගලායාමට අත්‍යාවශ්‍ය බවත් කියන්න පුලුවන්.
කතාව ඇතුලෙ ප්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ගෙ යටි සිත ක්‍රියාත්මක වෙන විදිහ,එකම පුද්ගලයෙක්ගෙ සිතිවිලි අතර ගැටීම් වගේම තත්කාලීන සමාජයේ සහ පවුල ඇතුලෙම පවා තියෙන ගැටුම් ගැනත් සාකච්ඡා වෙන්න කතාවෙ රසයට කිසිම බාධාවක් නොවෙන්න සහ කියවන්නාටත් නොදැනෙන්න. ????
කතාවේ හැම පරිච්චේදයක්ම ගලාගෙන යන්නෙ එකකට එකක් නොදෙවෙනි කෘතුහලය පාඨකයාට ඉතුරු කරගෙන. කොහොමටවත් අවසානය අනුමාන කරන්නනම් ඉඩක් තියනව කියල මම හිතන්නෙ නැහැ ඒත් අවසානය අපිව යම් තිගැස්සීමකට ලක්කරලා තමයි කතාව ඉවර කරල තියෙන්නෙ.????
පොතේ නිමාව ගත්තම ගෙවන මුදලට වටින නිමාවක් දෙන්න කතුවරයා සමත්වෙලා තියෙනවා. කවරයේ ඉඳන් පොතේ පිටු සැකසුම් දක්වාමත් මුද්‍රණය දක්වාමත් ප්‍රවීනයන්ගේ සහය ලබාගෙන තියන නිසා ඒගැන පුදුමයක් නැහැ.????
කවර මුහුණත :- Pradeep Premalal
සෝදුපත් කියවීම :- ජයසිරි අලවත්ත
පිටු සැකසුම :- Panhindha Pvt Ltd.( Chandika Abeywickrama)
ඇතුළත චිත්‍ර :- Gayan Madumadhawa
කෘතියේ ඇතුලතටත් වර්ණ පිටු,ඡායාරූප සහ කතාවට අදාල චිත්‍ර සටහන් එකතුකරල තියෙන්නෙ පාඨකයාට ප්‍රසන්න හැඟීමකින් යුතුව කියවන්න පහසු වෙන විදිහට
ඒවගේම මගේ ඇස ගැටුණු විශේෂ කරුණක් තමයි සාම්ප්‍රදායික පිටු සැකසීම් වලින් එහාට ගිහිල්ල නිර්මාණාත්මකව සහ ආකර්ෂණීය විදිහටත් ඒවගේම නවීන මුද්‍රණ ශිල්ප ක්‍රමත් එකතුකරල පොත නිමවල තිබීම.
පොතේ පිටු සැකසුම ඇසට සහ ඔලුවට බරක් නොවෙන අපහසුවක් නොවෙන මනස අවුල් නොවෙන විදිහට සුමටව නිමකරල තිබෙන බවත් කියවත්දි ඔබට අත්විඳින්න පුලුවන්.
(ඉදිරියෙදි Book reveal වීඩියෝ එකකින් පොතේ අපූරු නිමාව ඔබට පෙන්වන්නත් මම උත්සාහ කරන්නම්).
හැමදාමත් පාඨක ප්‍රජාව හෙල්ලෙන්න අපූරු පොත් රචනා කරන ඉතාමත් මිත්‍රශීලී, කඩවසම්, ප්‍රියමනාප, ආදරණීය වගේම දඩබ්බර කතුවරයා, Mohan Raj Madawalaයන්ට අලුතින්ම නිකුත් වෙච්ච මේ කෘතිය වෙනුවෙන් හෘදයාංගම සුබපැතුම් එක්කරන්නත් මම මේ සටහන අවස්ථාවක් කරගන්නවා.❤️????
මම ඔබටත් ආරාධනා කරනවා බයනැතුව අරගන්න කතාව මුල ඉඳන් අගටම එක හුස්මට කියාගෙන යන්න පුලුවන් අපූරු කතාවක්. මේ කෘතිය කියවලා ඔබ කිසිසේත්ම පසුතැවෙන එකක් නැහැ කියල මම විශ්වාස කරනවා .
කියවල බලල ඔබේ අදහසත් බෙදාගන්න කියල කාරුණිකව ඔබෙන් ඉල්ලනවා ????
- නවීන් ශ්‍රීමාල් -
#MyReviews_Naveen
https://www.facebook.com/photo/?fbid=25090703147181931&set=a.286019058077017
Write a review