Delivery and returns · බෙදාහැරීම සහ ආපසු භාරදීම
How your books reach you, what delivery costs, and what to do if something goes wrong. Questions this page does not answer? See the FAQ or contact us.
ඔබ වෙත පොත් ලැබෙන ආකාරය, බෙදාහැරීමේ ගාස්තු සහ යම් ගැටලුවක් ඇති වූ විට කළ යුතු දේ පිළිබඳ විස්තර මෙහි දැක්වේ. මෙම පිටුවෙන් පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සඳහා FAQ බලන්න, නැතහොත් අප අමතන්න.
Delivery · බෙදාහැරීම
- Courier or ordinary post. You choose at checkout. If you want to pay when the books arrive, choose courier: cash on delivery is not available with ordinary post.
- Collect from our office. You can pick up your order at our office in Moratuwa (No. 6A/39, New Galle Road, Koralawella). Call 071 944 8899 first to confirm it is ready.
- How long. Most orders reach you within 1 to 3 working days in Sri Lanka.
- Outside Sri Lanka. We send overseas orders by DHL, and checkout arranges it automatically, so there is no need to contact us first. Your country may charge import tax or duty on the parcel, depending on its own rules. That charge is set by your country, not by us, and you may have to pay it.
- කුරියර් හෝ සාමාන්‍ය තැපෑල. Checkout අවස්ථාවේ දී ඔබට තෝරාගත හැක. පොත් ලැබෙන විට මුදල් ගෙවීමට අවශ්‍ය නම් කුරියර් සේවාව තෝරන්න; සාමාන්‍ය තැපෑලට Cash on delivery නොලැබේ.
- අප කාර්යාලයෙන් ලබාගැනීම. මොරටුවේ (අංක 6A/39, නව ගාල්ල පාර, කොරළවැල්ල) අප කාර්යාලයට පැමිණ ඔබගේ ඇණවුම ලබාගත හැක. පැමිණීමට පෙර 071 944 8899 අමතා ඇණවුම සකසා ඇති බව තහවුරු කරගන්න.
- ගත වන කාලය. ශ්‍රී ලංකාව තුළ බොහෝ ඇණවුම් වැඩ කරන දින 1-3ක් ඇතුළත ලැබේ.
- ශ්‍රී ලංකාවෙන් පිටත. විදේශ ඇණවුම් අපි DHL මගින් එවන්නෙමු; Checkout කිරීමේදී එය ස්වයංක්‍රීයව සැකසෙන බැවින් කලින් අපට දැනුම් දීමක් අවශ්‍ය නොවේ. ඔබගේ රටේ නීති අනුව පාර්සලයට ආනයන බද්දක් හෝ තීරු බද්දක් අය විය හැක. එය නියම කරන්නේ ඔබගේ රට මිස අප නොවේ; එය ඔබට ගෙවීමට සිදු විය හැක.
Delivery charges · බෙදාහැරීමේ ගාස්තු
Courier, Colombo district
Rs. 250 for the first kg, then Rs. 50 for each extra kg.
Courier, other districts
Rs. 300 for the first kg, then Rs. 50 for each extra kg.
Ordinary post
Depends on weight and packing. It is worked out for you when you place the order.
Free delivery on orders of Rs. 10,000 or more. Your cart shows how much is left to reach it.
කුරියර් (කොළඹ දිස්ත්‍රික්කය): පළමු කිලෝවට රු. 250ක්, වැඩි වන සෑම කිලෝවකටම රු. 50ක්. කුරියර් (අනෙක් දිස්ත්‍රික්ක): පළමු කිලෝවට රු. 300ක්, වැඩි වන සෑම කිලෝවකටම රු. 50ක්. සාමාන්‍ය තැපෑල: බර සහ ඇසුරුම අනුව ඇණවුම ලබා දෙන විට ස්වයංක්‍රීයව ගණනය වේ. රු. 10,000ක් හෝ ඊට වැඩි ඇණවුම් සඳහා බෙදාහැරීම නොමිලේ.
Tracking your order · ඇණවුමේ තත්ත්වය
Sign in and open Track order to see where your order is.
ගිණුමට පිවිස Track order හරහා ඔබගේ ඇණවුමේ තත්ත්වය බලන්න.
Damaged, wrong or missing books · හානි වූ, වැරදි හෝ අඩු පොත්
If a book arrives damaged, is not the one you ordered, or is missing from the parcel, call 071 944 8899 straight away, or write to [email protected] with your order number. The sooner you tell us, the more we can do.
පොත හානි වී ලැබුණා නම්, ඇණවුම් කළ පොත නොවේ නම්, නැතහොත් පාර්සලයේ පොතක් අඩු නම්, වහාම 071 944 8899 අමතන්න; නැතහොත් ඔබගේ ඇණවුම් අංකය සමඟ [email protected] වෙත දන්වන්න. ඔබ හැකි ඉක්මනින් අපට දැනුම් දෙන තරමට, අපට ඉක්මන් විසඳුමක් ලබා දීමට හැකි වනු ඇත.
Returns, refunds and cancellations · ආපසු භාරදීම, මුදල් ආපසු ගෙවීම සහ අවලංගු කිරීම
Our Terms & Conditions (see "Return, refund, cancellation policies") say:
- Refunds and returns are not made through the website. A product that needs to be returned or refunded is settled directly with the vendor concerned.
- An order can be cancelled through the site as long as it has not been delivered.
In every case, contact us with your order number and we will tell you what can be done.
අපගේ Terms & Conditions ("Return, refund, cancellation policies" කොටස) අනුව: වෙබ් අඩවිය හරහා මුදල් ආපසු ගෙවීම් හෝ පොත් ආපසු භාරගැනීම් සිදු නොකෙරේ; ආපසු භාරදීමක් හෝ මුදල් ආපසු ගෙවීමක් අවශ්‍ය නම් එය අදාළ වෙළෙන්දා සමඟ කෙලින්ම සාකච්ඡා කර විසඳාගත යුතුය. ඇණවුමක් බෙදාහැරීමට පෙර නම් අවලංගු කළ හැක. කෙසේ වුවත් ඔබගේ ඇණවුම් අංකය සමඟ අප අමතන්න; කළ හැකි දේ අපි දන්වන්නෙමු.
A payment problem · ගෙවීමේ ගැටලු
If a payment did not finish, the order stays unpaid: sign in and pay again from that order. If money left your account but the order is not confirmed, contact us with the date and amount.
ගෙවීම සම්පූර්ණ නොවූයේ නම් ඇණවුම නොගෙවූ තත්ත්වයේ (unpaid) පවතී; ගිණුමට පිවිස එම ඇණවුමෙන් නැවත ගෙවිය හැක. ඔබගේ ගිණුමෙන් මුදල් අඩු වී ඇණවුම තහවුරු නොවී තිබේ නම් දිනය සහ මුදල සමඟ අප අමතන්න.