Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක / දුටු නුදුටු කතරගම දෙවිඳු
About this book

‘දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග’ 

මේ පුරාණෝක්තිය නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් ඇදහීමේ මාර්ගය පෙන්වා දෙන්නෙකි.

දැන යනු : දැනුම - වැටහීම හා අවබෝධයයි.

නොදැන යනු : මුලාව - නොවැටහීම හා විනාශයයි. 

තිස්තුන් කෝටියක් දෙවි-දේවතාවුන් අහදන අප රට තවමත්, නිවැරදි ලෙස කතරගම දෙවිඳුන්ගේ වගතුග හඳුනාගැනීමට පිවිසි නැති සෙයකි. දැන යන පිරිසට වඩා නොදැන කතරගම යන්නෝ, බහුල වෙති.

දුටු නොදුටු කතරගම දෙවිඳු කෘතිය ජනගත වන්නේ නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් හඳුනා ගැනීම පිණිස ය. දුටු දේත් - නො දුටු දේත් කතුවර කේ. ඩී. දේවප්‍රිය මැනවින් ගෙනහැර දක්වනුයේ, පාඨක උදහසට ගොදුරු නොවෙමිනි. මෙතෙක් කතරගම දෙවියන් පිළිබද නොදත් තතු විත්ති, පුරාණෝක්ති, දේව සම්ප්‍රදායයන්, ජන විශ්වාස හා සංස්කෘතික චර්යාවන් හෙතෙම මතු කර දක්වනුයේ, සහේතුකව ය. එය දැන කතරගම යෑමකි. එයින් පාඨකයාට කතරගම දේව සංකල්පය අතරමං නොවී වටහා ගැනීමට හැකිවීම සැබැවින් ම දෙවියන් මුණගැසීමක් වැන්න. 

ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

ISBN
9789556563542
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුටු නුදුටු කතරගම දෙවිඳු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.