කිරිගරුඬ අහස යට

Special Price රු. 672.00 Regular Price රු. 840.00
In stock
SKU
kirigaruda-ahasa-yata-john-shors-pradeepkumara-wijesooriya

ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි ලොව විශ්මිත නිර්මාණයක් වන 'ටජ් මහල' මෝගල් අධිරාජයෙකු වූ ෂාහ් ජහන් ඉදි කළේ, දරුවෙකු ට උපත දීමේදී මිය ගිය තම ආදරිය, මුම්ටාස් මහල් වෙනුවෙන් බව කවුරුත් දන්නා පුවතකි.

හින්දුස්ථානයේ දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ඉසා ව කැඳ වූ ෂාහ් ජහන් අධිරාජයා මුම්ටාස් මහල් දේවිය ගේ සිතුවමක් දී පැවසුවේ, ඇගේ රුවින් 'ටජ් මහල' නිර්මාණය කරන ලෙසිනි. 

නමුත්, කවුරුත් නො දන්නා ලෙසින් 'ටජ් මහල' නිර්මාණය වූයේ මුම්ටාස් මහල් ගේ රුවින් නොව, ඇගේ දියණිය 'ජහනාරා' කුමරියගේ රුවිනි. එය ට හේතු වූයේ ඉසා හා කුමරිය අතර ඇති වූ අසම්මත ප්‍රේමය ය. 

මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 'ටජ් මහල' යට සැඟවුණු මුම්ටාස්-ෂාහ් ජහන් දියණිය ගේ අසම්මත පෙම් පුවත ය. 

Back to Top