අපි ආයෙත් දවසක

Special Price රු. 621.00 Regular Price රු. 690.00
Out of stock
SKU
api-ayeth-dawasaka-kaushi-muthukumarana-thara-publishers

බැහැගෙන යන ඉරේ එළිය එයාගේ කම්මුලක්

උඩට වැටිලා දිලිසෙනකොට මං ඒ දිහා බලාගෙන

හිටියෙ මහා ලෝබකමකින්. හෙට ඉඳන් මේ හැම

දෙයක්ම මට අහිමි වෙනවා නේද කියල

හිතෙනකොට දුවගෙන ගිහින් නිල්පාට මුහුදු

වතුරට බැහැලා ඈතට ඈතට ඇවිදගෙන යන්න

හිතෙනවා මේ දුක ඉවරවෙනකම්ම..!

 

“මුහුද තියෙන්නෙ මගේ මූණෙ නෙමේ

අරහෙ..” එයා මගෙ කම්මුලෙන් අල්ලල මුහුද

පැත්තට හරවනකොට මං එකපාරටම එයාගෙ

බෙල්ල බදාගෙන ඒ කම්මුලට රිදෙන තරම් තදට

හාදුවක් තිබ්බෙ හිත පාලනේ කරගන්න බැරිම

තැන. මේ හිනාව.. ආදරණීය බැල්ම ආයෙම

කවදාවත් මගෙ ඇස් ඉස්සරහට එන්නෑ නේද

කියලා හිතද්දි මට පිස්සු හැදෙන්න වගේ. මං

කොච්චර තදින් එයාගේ මුණ ඇල්ලුවද කිව්වොත්

මගෙ නියපොතු පාරත් මුණෙ හිටලා.

 

“මේකිට අද මොන යකෙක් වැහිලද..?” එයා

කම්මුලට අත තියාගෙන පුදුමෙන් මං දිහා

බලනවා.

Back to Top