ප්‍රේම නිබ්බුත

Special Price රු. 528.00 Regular Price රු. 660.00
In stock
SKU
prama-nibbutha-pradeep-gunarathna-nohadunani-publishers

රාත්‍රිය එළඹෙනවාට මම අකමැත්තෙමි. කාර්යබහුල දින විසින් සඟවා තබන ලද සිතුවිලි, දියෙහි ගිල්ලන ලද බෝලයක් මෙන් ඉහළට එසවෙයි. එකී සිතුවිලි ඇති කරන්නේ ආත්ම කම්පනය නොවේ නම් වෙන කුමක්ද? දෑස් වසා ස්මරණය කළ හැකි අරුම ප්‍රේමය දෑස් විවරව තිබියදීම, දෑස් ඉදිරිපිට බිඳ වැටෙමින් පවතී. එකී මතක සුවයකි. කටුක යතාර්ථයට වඩා මිහිරි මතක ජීවිතයටඅස්වැසිල්ලකි. ප්‍රේමය වින්දනය පිණිසම නොවන බව මම සදාතනිකව පිළිගනිමි. ආත්මය ආදරය කරගත් පසු අවශේෂ සියල්ල ආත්මය වටා ගුප්තව සැරිසරයි. හදවත ප්‍රේමයෙන් ආතුරය. එකී ආතුර සිතට ළබැඳි වෛරයම මිස ප්‍රේමය නොවේ. මන්දයත්, “ප්‍රේමය කරණ කොට උපදිනා වෛරය” ආදරයට පර්යාය පදයකි.

Back to Top