කවිකාර කිවි දේශය

by
Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
kavikara-kivi-deshaya-sunethra-rajakarunanayaka-sarasavi

කවිකාර කිවි දේශය නවසීලන්තයේ දකුණු දූපතේ සංචාරයක තොරතුරු රැගෙන එයි. හිරු එළියෙන් රෝස පැහැ ගැන්වෙන ගිම්හානයේ ද හිම තට්ටුවක් රඳවා ගෙන සිටින කඳු වැටි අතර පතුල පෙනෙන මහ විල් ද විශ්මිත රටා රැගත් වර්ණවත් පාෂාණ ද කතුවරිය සිහිනමය ස්වර්ග ලෝකයක ට ගෙන ගොස් ඇත.

එහෙත් සුනේත්‍රා ඒ සෞන්දර්යෙන් එපිට නවසීලන්ත මිනිසුන් ගේ ජීවන රිද්මය හඳුනාගෙන තිබේ. ජාති භේද, වර්ණ භේද පිටුදකිමින් යහ පාලනයක් පවත්වා ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමේ රහස සෙවීමේ දී ඇය දුටුවේ එරට ගැමි ජනතාව ගේ කාව්‍යමය හදවත් ය. මේ කෘතිය එම චාරිකාවේ අත්දැකීම් කිහිපයක් බෙදා ගැනීමේ මිහිරි ප්‍රයත්නයකි.

Back to Top