Back to Top
වැලපෙන විලෝ
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
In stock
SKU
valapena-vilo-rohitha-munasinghe-sarasavi
කාන්සියට හා පාළුවට උඩින් පල්ලෙන් පොත් කියවන්නන් නොව, නවකතාවකින් හෝ කෙටිකතාවකින් තම ජීවිතයට යමක් ලබාගෙන, ලෝකයද දැකගෙන, සාහිත්‍ය රසයද විඳගෙන, ප්‍රඥාව අවදි කර ගැනීමට රිසී අයෙක් වෙත්නම්, ඔහුට හෝ ඇයට නවකතාවකට වඩා කෙටි කතා එකතුවකින් ලැබෙන ආලෝකය ප්‍රමාණයෙන් වැඩි යයි මගේ හැඟීමය. එය ක්ෂේම භූමියක් සොයා යන්නෙකුට එක මාවතක් වෙනුවට, මාවත් කිහිපයක් හමුවීම වැන්නකි. සැඟවුණ න්‍යාය පත්‍ර සහිතව පිටු ප්‍රමාණයෙන් පොත් පිම්බීම සඳහා ඇතැම් නවකතාවලට නිසරු දේ රිංගවා තිබේ. කෙටිකතාවෙන් කියන්නේ නැතහොත් කිවයුත්තේ කීමට අවශ්‍යම දේ පමණි. ඒ අතින් කෙටිකතාව තවමත් අවංක හා ගෞරවනීය වේ.