අතවැසියන්ගේ පාපොච්චාරණ

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
athawasiyange-papochcharana-ruwan-watawala-kathru

කවිය අත් නොහැර කවියෙහිම රැදී සිටිමින් කවියම තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගෙන කාව්‍යකරණයේ යෙදෙන්නෝ සුලබ නොවෙත්, රුවන් වටවල මෙම ගණයට අයත් වන කවියෙකි.

රුවන් වටවල කවියාගේ 'අතවැසියන්ගේ පාපෝච්චාරණ' කාව්‍ය සංග්‍රහයේ බොහෝ නිර්මාණ තුළින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ, ඔහු සමග ජීවත්වන සහෝදර ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් ප්‍රතිනිර්මාණය කරමින් රසිකයන්ට පිරිනැමීමටයි.

ජීවිතයේ අඳුරු පස, දුක්ඛ දෝමනස්ස පමණක්ම නොව ප්‍රේමය ආදරය පිළිබඳ අත්දැකීම් ද කවියාගේ නිර්මාණවලියෙහි හමුවේ. ආදරයේ සම්ප්‍රයෝගය මෙන්ම විප්‍රයෝගයද, දුක කඳුළ මෙන්ම සතුට සිනාව ද චමත්කාරය ද තැවැරුණු නිර්මාණ මේ කවි එකතුවෙහි වේ.

Back to Top