මකුළුවෝ - මේ සීත කාලයයි

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
makuluwo-chandana-gunasekara-thrimana

ලියුවෙමි කවියක් සඳ ගැන 

ඔවුහු මට පිස්සා යැයි කීහ

ලියුවෙමි කවියක් මධුවිත ගැන

ඔවුහු මට බේබද්දා යැයි කීහ

ලියුවෙමි කවියක් අන් ආගමක් ගැන

ඔවුහු මට ආගම්වාදියා යැයි කීහ

ලියුවෙමි කවියක් අන් ජාතියක් ගැන

ඔවුහු මට ජාතිවාදියා යැයි කීහ

ලියුවෙමි කවියක් පීඩිත පංතිය ගැන

ඔවුහු මා විප්ලවවාදියෙකුයි කීහ..

ලියුවෙමි කවියක් ප්‍රේමය ගැන

ඔවුහු මට අනංගයා යැයි කීහ

අවසනදී ලියුවෙමි කවියක් මගේ මරණය ගැන

ඔවුහු කිසිත් නොකීහ.....

 

Back to Top