Back to Top
අදෘෂ්‍යමාන
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
adrushyamana-nimmi-muditha-herath-mauli-prakashana
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය.
ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි.ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බැලන්නට පිටතට බසියි.මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය.
ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවිර කරන්නේ ඉනෝකා නොවේ.වෙනත් ගැහැනියකි.
"මම ඉනෝකා නෙවෙයි". ඇය කියයි.
ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණිමක්ද? එක් දෙයක් නම් නාශ්චිතව කිව හැකිය.එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධයක හෙළිදරුව්වකි.