ගෙත්තම්පාණ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
geththampana-rathna-sri-wijesekara-santhawa

තාරකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට

රෑ කුරුල්ලෙක් අඬයි එක දිගට නිදි නැති ව

ගොරක ගස් අවතාර කළු ජනේලය අසල

අන්ධකාරය අතන මෙතැන හා හැම තැන ම

 

බිලිඳු හැඬුමකි ඈත රැයේ හදවත පෙළන

කිරි හිඳුණු පොළොවක් ය ගිනි අඟුරු අහස යට

හිස නවා රුවල් බැඳ හබල් ගාමින් අඳුර

කෙසෙල් ගස් එතෙර වන්නට හදයි තනි තනිව

 

මිදුල් කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක

පිච්ච වැල පමණි හිස සලන්නේ පණ ඇති ව

හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක

අමාරු ම මතු දවස විඳ දරාගනු පිණිස

Back to Top