Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ගෙත්තම්පාණ

ගෙත්තම්පාණ

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

තාරකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට

රෑ කුරුල්ලෙක් අඬයි එක දිගට නිදි නැති ව

ගොරක ගස් අවතාර කළු ජනේලය අසල

අන්ධකාරය අතන මෙතැන හා හැම තැන ම

 

බිලිඳු හැඬුමකි ඈත රැයේ හදවත පෙළන

කිරි හිඳුණු පොළොවක් ය ගිනි අඟුරු අහස යට

හිස නවා රුවල් බැඳ හබල් ගාමින් අඳුර

කෙසෙල් ගස් එතෙර වන්නට හදයි තනි තනිව

 

මිදුල් කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක

පිච්ච වැල පමණි හිස සලන්නේ පණ ඇති ව

හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක

අමාරු ම මතු දවස විඳ දරාගනු පිණිස

ISBN
9786245594078
පිටු ගණන (Pages)
98
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෙත්තම්පාණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.