My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
තාරකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට
රෑ කුරුල්ලෙක් අඬයි එක දිගට නිදි නැති ව
ගොරක ගස් අවතාර කළු ජනේලය අසල
අන්ධකාරය අතන මෙතැන හා හැම තැන ම
බිලිඳු හැඬුමකි ඈත රැයේ හදවත පෙළන
කිරි හිඳුණු පොළොවක් ය ගිනි අඟුරු අහස යට
හිස නවා රුවල් බැඳ හබල් ගාමින් අඳුර
කෙසෙල් ගස් එතෙර වන්නට හදයි තනි තනිව
මිදුල් කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක
පිච්ච වැල පමණි හිස සලන්නේ පණ ඇති ව
හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක
අමාරු ම මතු දවස විඳ දරාගනු පිණිස
Publisher | සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (101) |
---|
ISBN | 9786245594078 |
---|---|
පිටු ගණන | 98 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |